මොව්හු කාලෙබ්ගේ පුත්‍රයෝය; එප්‍රාතාගේ කුලුඳුලාවූ බෙන්හුර්ය, කිරියත්-යෙයාරීම්ගේ පියවූ ෂෝබාල්;
යොෂුවා 15:60 - Sinhala Revised Old Version කිරියත්-යෙයාරීම් වන කිරියත්-බාල්ද රබ්බාද යන දෙනුවර සහ ඒවායේ ගම්ය. Sinhala New Revised Version කිරියත්-ජෙයාරීම් වන කිරියත්-බාල් ද රබ්බා ද යන නගර දෙක සහ ඒවායේ ගම් ය. Sinhala New Revised Version 2018 කිරියත්-ජෙයාරීම් වන කිරියත්-බාල් ද රබ්බා ද යන නගර දෙක සහ ඒවායේ ගම් ය. |
මොව්හු කාලෙබ්ගේ පුත්‍රයෝය; එප්‍රාතාගේ කුලුඳුලාවූ බෙන්හුර්ය, කිරියත්-යෙයාරීම්ගේ පියවූ ෂෝබාල්;
සීමාව කන්ද මුදුනේ සිට නෙප්තෝවාහි දිය උල්පත ළඟට වැටී, එතනින් එප්‍රොන් කන්දේ නුවරවල් දක්වා ගියේය; එතනින් සීමාව කිරියත්-යෙයාරීම් වන බාලාට ගොස්,
එතනින් සීමාව බෙත්-හෝරොන් ඉදිරිපිට ඊට දකුණෙන් තිබෙන කන්දෙන් දකුණට බස්නාහිර පැත්තෙහි හැරීගොස්, යූදා පුත්‍රයන්ගේ නුවරක්වූ කිරියත්-යෙයාරීම් වන කිරියත්-බාල්හි කෙළවරවුණේය. බස්නාහිර පැත්ත මේය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කොට තුන්වෙනි දින ඔවුන්ගේ නුවරවලට පැමිණියෝය. ඔවුන්ගේ නුවරවල් නම් ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිරියත්-යෙයාරීම් යන මේවාය.
ඔව්හු: පිලිස්තිවරුන් විසින් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය නැවත ගෙනැවිත් තිබේ; නුඹලා ඇවිත් ඒක අරගන යන්නැයි කිරියත්-යෙයාරීම් වැසියන්ට පණිවිඩකාරයන් අත කියා යැවුවෝය.
කිරියත්-යෙයාරීම් මනුෂ්‍යයෝ ඇවිත් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රැගෙන හෙල පිට තිබුණු අබිනාදාබ්ගේ ගෙට ගෙනගොස්, ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රක්ෂාකරන පිණිස ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් පත්කළෝය.