Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 7:1 - Sinhala Revised Old Version

1 කිරියත්-යෙයාරීම් මනුෂ්‍යයෝ ඇවිත් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රැගෙන හෙල පිට තිබුණු අබිනාදාබ්ගේ ගෙට ගෙනගොස්, ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රක්ෂාකරන පිණිස ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් පත්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 කිරියත්-ජෙයාරීම් වැසියෝ අවුත්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන, කන්ද පිට පිහිටි අබිනාදාබ්ගේ ගෙට ගෙන ගොස්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රක්ෂා කරන පිණිස එලෙයාසර් භාරකරු ලෙස පත් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 කිරියත්-ජෙයාරීම් වැසියෝ අවුත්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන, කන්ද පිට පිහිටි අබිනාදාබ්ගේ ගෙට ගෙන ගොස්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රක්ෂා කරන පිණිස එලෙයාසර් භාරකරු ලෙස පත් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 7:1
9 හුවමාරු යොමු  

පිටත්වෙන්න, පිටත්වෙන්න, ඔතනින් පිටතට යන්න, කිසි අපවිත්‍ර දෙයකට අත නොගසා, ඈ තුළින් පිටතට යන්න; ස්වාමීන්වහන්සේගේ භාණ්ඩ දරන්නෙනි, පිරිසිදුව සිටින්න.


බලව, එප්‍රාතාහිදී එපවත් ඇසීමුව. වන පෙදෙසේහි එය අපට සම්බවුණේය.


ඔව්හු: පිලිස්තිවරුන් විසින් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය නැවත ගෙනැවිත් තිබේ; නුඹලා ඇවිත් ඒක අරගන යන්නැයි කිරියත්-යෙයාරීම් වැසියන්ට පණිවිඩකාරයන් අත කියා යැවුවෝය.


එතනින් සීමාව බෙත්-හෝරොන් ඉදිරිපිට ඊට දකුණෙන් තිබෙන කන්දෙන් දකුණට බස්නාහිර පැත්තෙහි හැරීගොස්, යූදා පුත්‍රයන්ගේ නුවරක්වූ කිරියත්-යෙයාරීම් වන කිරියත්-බාල්හි කෙළවරවුණේය. බස්නාහිර පැත්ත මේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කොට තුන්වෙනි දින ඔවුන්ගේ නුවරවලට පැමිණියෝය. ඔවුන්ගේ නුවරවල් නම් ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිරියත්-යෙයාරීම් යන මේවාය.


තවද පෙට්ටිය කිරියත්-යෙයාරීම්හි තැබූ දවස පටන් දීර්ඝ කාලයක් එනම් විසි අවුරුද්දක් ගතවිය. මුළු ඉශ්‍රායෙල් වංශය ස්වාමීන්වහන්සේ සොයා වැලපුණෝය.


අපේ දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අප වෙතට නැවත ගෙනෙමු. මක්නිසාද සාවුල්ගේ දවස්වලදී අපි ඒක ඉදිරියෙහි නොවිචාළෙමුයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්