ලෙයාගේ පුත්‍රයෝ: යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාඛර් සහ සාබුලොන්ය.
යොෂුවා 13:15 - Sinhala Revised Old Version මෝසෙස් රූබෙන් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට දුන්නේය. Sinhala New Revised Version මෝසෙස් රූබන්වරුන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට උරුමයක් දී තිබුණේ ය. Sinhala New Revised Version 2018 මෝසෙස් රූබන්වරුන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට උරුමයක් දී තිබුණේ ය. |
ලෙයාගේ පුත්‍රයෝ: යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාඛර් සහ සාබුලොන්ය.
තමන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝ මොව්හුය: ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයෝ, හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මීය. මොව්හු රූබෙන්ගේ පෙළපත්ය.
ලෙවී ගෝත්‍රයට පමණක් ඔහු කිසි උරුමයක් නුදුන්නේය; ඔහු ඔවුන්ට කී ලෙස ඔවුන්ගේ උරුමය නම් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගින්නෙන් ඔප්පු කරන පූජාවල්ය.
ඔවුන්ගේ පළාත නම් අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද මිටියාවත මැද තිබෙන නුවර පටන්ද මේදෙබා ළඟ තිබෙන මුළු තලාවද,
දැන් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ සහෝදරයන්ට කී ප්‍රකාරයට ඔවුන්ට විශ්‍රාම දුන්සේක. නුඹලා ඉතින් හැරී ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් යොර්දානෙන් එගොඩ නුඹලාට දුන් උරුම දේශයෙහි නුඹලාගේ කූඩාරම්වලට යන්න.
නුමුත් සීහොන් තමාගේ දේශය මැදින් යාම ගැන ඉශ්‍රායෙල්වරුන් විශ්වාස නොකර, තමාගේ මුළු සෙනඟ රැස්කොට, යහශ්හි කඳවුරු බැඳ, ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධකෙළේය.