Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 13:14 - Sinhala Revised Old Version

14 ලෙවී ගෝත්‍රයට පමණක් ඔහු කිසි උරුමයක් නුදුන්නේය; ඔහු ඔවුන්ට කී ලෙස ඔවුන්ගේ උරුමය නම් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගින්නෙන් ඔප්පු කරන පූජාවල්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මෝසෙස් ලෙවී ගෝත්‍රයට පමණක් කිසි උරුමයක් නුදුන්නේ ය. ඔහු ඔවුන්ට කී පරිදි, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ගින්නෙන් ඔප්පු කරන පූජා ඔවුන්ගේ උරුමය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මෝසෙස් ලෙවී ගෝත්‍රයට පමණක් කිසි උරුමයක් නුදුන්නේ ය. ඔහු ඔවුන්ට කී පරිදි, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ගින්නෙන් ඔප්පු කරන පූජා ඔවුන්ගේ උරුමය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 13:14
12 හුවමාරු යොමු  

නුඹේ දේශය මතුපිට නුඹ ජීවත්වෙන සියලුම දවස්වල ලෙවීයයා අත්නොහරින්ට බලාගන්න.


නුඹලාද නුඹලාගේ පුත්‍රයෝද දූවරුද වැඩකාරයෝද වැඩකාරියෝද නුඹලාගේ දොරටු ඇතුළත සිටින්නාවූ, නුඹලා සමඟ කොටසක්වත් උරුමයක්වත් නොලැබුවාවූ ලෙවීයයාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.


එබැවින් ලෙවීට තමාගේ සහෝදරයන් සමඟ කොටසක්වත් උරුමයක්වත් නැත; නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහුට කී ලෙස ස්වාමීන්වහන්සේම ඔහුගේ උරුමයය.)


එසේවී නුමුත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගෙෂූර්වරුන්ද මයකාත්වරුන්ද පන්නා නොදැමුවෝය. ගෙෂූර්වරුද මයකාත්වරුද අද දක්වා ඉශ්‍රායෙල්වරුන් අතරෙහි වාසය කරති.


මෝසෙස් රූබෙන් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට දුන්නේය.


නුමුත් ලෙවී ගෝත්‍රයට මෝසෙස් කිසි උරුමයක් නුදුන්නේය. ඔවුන්ට කී හැටියට ඔවුන්ගේ උරුමය නම් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේමය.


ඔවුන්ට ආහාර පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද කන්ට පුළුවන; ඉශ්‍රායෙල් අතරෙහි කැපවූ සියල්ලම ඔවුන්ට වන්නේය.


මක්නිසාද ලෙවීවරුන්ට නුඹලා අතරෙහි කොටසක් නැත; ඔවුන්ගේ උරුමය වනාහි ස්වාමීන්වහන්සේගේ පූජක තනතුරය. ගාද්ටත් රූබෙන්ටත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් ඔවුන්ට දුන්නාවූ ඔවුන්ගේ උරුමය නැගෙනහිරට යොර්දානෙන් එගොඩ ලැබී තිබේයයි කීවේය.


ඔවුන්ට ලැබෙන උරුමය මෙසේය; ඔවුන්ගේ උරුමය මමය. නුඹලා ඔවුන්ට ඉශ්‍රායෙල්වරුන් අතරෙහි කොටසක් නොදිය යුතුය; ඔවුන්ගේ කොටස මමය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්