Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 6:14 - Sinhala Revised Old Version

14 තමන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝ මොව්හුය: ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයෝ, හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මීය. මොව්හු රූබෙන්ගේ පෙළපත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 පහත දැක්වෙනුයේ ඔවුන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු ය. ජාකොබ්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ නම් හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී ය. මොවුහු රූබන්ගේ පෙළැන්තියට අයිති වූවෝ වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 පහත දැක්වෙනුයේ ඔවුන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු ය. ජාකොබ්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ නම් හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී ය. මොවුහු රූබන්ගේ පෙළැන්තියට අයිති වූවෝ වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 6:14
17 හුවමාරු යොමු  

රූබෙන්ගේ පුත්‍රයෝ, හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මීය.


ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයෝ නම්: හනොක්, පල්ලූ, හෙශ්රොන් සහ කර්මිය.


ඒහුද්ගේ පුත්‍රයෝ මොව්හුය. මොව්හු ගෙබාහි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝය, මොව්හු ඔවුන් මානහත්ට ගෙන ගියෝය.


බෙලාගේ පුත්‍රයෝ නම්: එශ්බොන්, උස්සීය, උස්සීයෙල්, යෙරීමොත්, ඊරි යන පස්දෙනාය; ඔව්හු තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව බලවන්ත මනුෂ්‍යයෝව සිටියෝය; ඔව්හු පෙළපත් වශයෙන් ගණන්කරනලදුව විසිදෙදාස් තිස්හතර දෙනෙක් වූහ.


තෝලාගේ පුත්‍රයෝ නම්: උස්සී, රෙපායා, යෙරීයෙල්, යාමයි, ඉබ්සාම් සහ ෂෙමුවෙල්ය; ඔව්හු තෝලාට අයිති තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව තමුන්ගේ පෙළපත්වල බලවන්ත මනුෂ්‍යයෝ වූහ. දාවිත්ගේ කාලයේදී ඔවුන්ගේ ගණන විසිදෙදාස් හසියයක්ය.


ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොව්හුය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අස්‍රීයෙල්, යෙරෙමියා, හෝදවියා සහ යාදියෙල්ය. ඔව්හු බලවන්තයෝව කීර්තිමත් මනුෂ්‍යයෝ ව තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ව සිටියෝය.


පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල පිය පෙළපත්වල ප්‍රධානීන්ද ෂීලෝහිදී සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පසඇට දමා බෙදාදුන් උරුමවල් මේවාය. මෙසේ ඔව්හු දේශය බෙදා නිමකළෝය.


පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල පිය පෙළපත්වල ප්‍රධානීන්ද විසින් ඔවුන්ට බෙදා දුන්නාවූ, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කානාන් දේශයෙහි ලැබුණාවූ උරුම කොටස් මේවාය.


යොර්දානද එහි අසබඩද රූබෙන් පුත්‍රයන්ගේ සීමාව විය. එය වනාහි නුවරවල්ද ඒවායේ ගම්ද ඇතුළුව රූබෙන් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ට ලැබුණු උරුමයය.


මෝසෙස් රූබෙන් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට දුන්නේය.


ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර් පුතියෙල්ගේ දුවක් භාර්යාව කොට පාවාගත්තේය; ඈ ඔහු නිසා පීනෙහාස් බිහිකළාය. මොව්හු තමන්ගේ පවුල් ලෙස ලෙවීවරුන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ටද ආරොන්ටද කථාකොට, ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන් ගැනත් මිසරයේ රජවූ ඵාරාවෝ ගැනත් ඔවුන්ට අණක් දුන්සේක.


ලෙවීගේ පුත්‍රයෝ, ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය.


දෙවෙනි මාසයේ පළවෙනි දිනදී මුළු සභාව රැස්කෙරෙවුවෝය, තවද විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ අය වෙන් වශයෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණෝය.


තමුන්ගේ පවුල්වල හැටියට සිමියොන්ගේ පුත්‍රයෝ මොව්හුය: නෙමුවෙල්ගෙන් පැවත ආ නෙමුවෙල් පවුලය. යාමීන්ගෙන් පැවත ආ යාමීන් පවුලය. යාකීන්ගෙන් පැවත ආ යාකීන් පවුලය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්