හෙෂ්බොන්හි වාසය කළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ටද එද්රෙය අසල අෂ්තාරොත්හි වාසයකළ බාෂාන්හි රජවූ ඕග්ටද පහරදුන් පසු,
යොෂුවා 12:4 - Sinhala Revised Old Version රෙපායිම්වරුන්ගෙන් ඉතුරුව සිටිය බාෂාන්හි රජවූ ඕග්ගේ පළාතටත් පහරදී ඔව්හු එය හිමිකරගත්තෝය. ඔහු අෂ්තාරොත්හිත් එද්‍රෙයෙහිත් වාසය කොට Sinhala New Revised Version රෙපායිම් යන යෝධයන්ගෙන් ඉතිරි ව සිටි බාෂාන්හි රජ වූ ඕග්ගේ පළාතටත් ඔව්හු පහර දී එය හිමි කරගත්තෝ ය. ඕග් වූකලී අෂ්ටාරොත්හිත්, එද්‍රෙයෙහිත් වාසය කෙළේ ය. Sinhala New Revised Version 2018 රෙපායිම් යන යෝධයන්ගෙන් ඉතිරි ව සිටි බාෂාන්හි රජ වූ ඕග්ගේ පළාතටත් ඔව්හු පහර දී එය හිමි කරගත්තෝ ය. ඕග් වූකලී අෂ්ටාරොත්හිත්, එද්‍රෙයෙහිත් වාසය කෙළේ ය. |
හෙෂ්බොන්හි වාසය කළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ටද එද්රෙය අසල අෂ්තාරොත්හි වාසයකළ බාෂාන්හි රජවූ ඕග්ටද පහරදුන් පසු,
ඕග් රජුගේ මුළු රාජ්‍යය වන සලෙකා දක්වා තිබෙන මුළු බාෂාන්ද යන මේවාය. (ඔහු රෙපායිම් යෝධයන්ගෙන් ඉතුරුව සිටිය කෙනෙකි.) මෝසෙස් ඔවුන්ට පහරදී ඔවුන් පන්නා දැමුවේය.
ගිලියද් දේශයෙන් අර්ධයක්ද බාෂාන්හි තිබුණ ඕග් රජුගේ රාජ්‍යයේ නුවරවල් වන අෂ්ටාරොත්ද එද්‍රෙයිද මනස්සේගේ පුත්‍රවූ මාකීර්ගේ පුත්‍රයන්ට එනම් මාකීර්ගේ පුත්‍රයන්ගෙන් දෙකෙන් කොටසකට තමුන්ගේ පවුල්වල හැටියට ලැබුණේය.