Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 1:4 - Sinhala Revised Old Version

4 හෙෂ්බොන්හි වාසය කළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ටද එද්රෙය අසල අෂ්තාරොත්හි වාසයකළ බාෂාන්හි රජවූ ඕග්ටද පහරදුන් පසු,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 මෙය වූයේ ඔහු හෙශ්බොන්හි වාසය කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ද එද්රෙය අසල අෂ්තාරොත්හි විසූ බාෂාන්හි රජ වූ ඕග් ද පරාජය කළ පසු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 මෙය වූයේ ඔහු හෙශ්බොන්හි වාසය කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ද එද්රෙය අසල අෂ්තාරොත්හි විසූ බාෂාන්හි රජ වූ ඕග් ද පරාජය කළ පසු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 1:4
13 හුවමාරු යොමු  

තවද ඔබ රාජ්‍යයන්ද ජනයන්ද ඔවුන්ටදී, ඔවුන් පළාත්වලට බෙදා නියමකළසේක. මෙසේ ඔව්හු සීහොන්ගේ දේශය එනම් හෙෂ්බොන්හි රජුගේ දේශයත් බාෂාන්හි රජවූ ඕග්ගේ දේශයත් හිමිකරගත්තෝය.


එවිට මම කෙදෙමොත් කාන්තාරයේ සිට හෙෂ්බොන්හි රජවූ සීහොන් වෙතට සමාදාන වචන ඇතුව පණිවිඩකාරයන් යවා:


අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ද බාෂාන්හි රජවූ ඕග්ද කානාන්හි සියලු රාජ්‍යයන්ද නසා,


දසසතරවෙනි අවුරුද්දේදී කෙදොර්-ලායොමෙර්ද ඔහු සමඟ සිටි රජවරුද ඇවිත් අෂ්තෙරොත්-කර්ණයිම්හි සිටිය රෙඵාවරුන්ටත් හාම්හි සිටිය සූසිවරුන්ටත් කිරියාතායිම් සමබිමේ සිටි ඒමිවරුන්ටත්


යොර්දානෙන් එගොඩ මෝවබ් දේශයේදී මෝසෙස් මේ ව්‍යවස්ථාව ප්‍රකාශකරන්ට පටන්ගෙන මෙසේ කීවේය.


අප විසින් හෙෂ්බොන්හි රජවූ සීහොන්ට කළාක්මෙන් ඔව්නුත් සහමුලින් විනාශකෙළෙමු, සියලුම නුවරවල පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද සම්පූර්ණයෙන් විනාශකෙළෙමු.


අර්ණොන් ඔයබඩ තිබෙන අරෝයෙර් පටන් හෙර්මොන් හෙවත් සිරියොන් කන්ද දක්වා යොර්දානෙන් එගොඩ


එකල අපි හැරී බාෂාන්ට යන මාර්ගයෙන් නැගී ගියෙමුව. බාෂාන්හි රජවූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟද සටන්කරන්ට අපට විරුද්ධව එද්රෙයිට ආවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්