එවිට යේසුස්වහන්සේ ගෝලයන්ට කථාකොට: යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා.
යොෂුවා 10:4 - Sinhala Revised Old Version හෙබ්‍රොන්හි රජවූ හෝහාම්ටද යර්මුත්හි රජවූ පීරාම්ටද ලාකීෂ්හි රජවූ යපියාටද එග්ලොන්හි රජවූ දෙබීර්ටද කියා යැවීය. Sinhala New Revised Version “ගිබියොන්වරුන් ජෝෂුවා ද ඉශ්රායෙල් සෙනඟ ද සමඟ සාමදාන වී ඇති නිසා ගිබියොන්ට පහර දෙන පිණිස මට හවුල් වී උපකාර කරන්නැ”යි කී ය. Sinhala New Revised Version 2018 “ගිබියොන්වරුන් ජෝෂුවා ද ඉශ්රායෙල් සෙනඟ ද සමඟ සාමදාන වී ඇති නිසා ගිබියොන්ට පහර දෙන පිණිස මට හවුල් වී උපකාර කරන්නැ”යි කී ය. |
එවිට යේසුස්වහන්සේ ගෝලයන්ට කථාකොට: යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා.
නුඹලා ලෝකයට අයිති නම්, ලෝකයා තමුන්ගේම අයට ආදරේවන්නෝය. නුමුත් නුඹලා ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛරවෙති.
සෙනඟටද ව්‍යවස්ථාවටද මේ ස්ථානයටද විරුද්ධව සියලු තැන්වල සියල්ලන්ට උගන්වන්නාවූ මනුෂ්‍යයා මොහුය. එපමණකුත් නොව ග්‍රීක්වරුන්ද දේවමාළිගාවට කැඳවාගෙනවිත්, ඔහු මේ ශුද්ධස්ථානය අපවිත්‍රකෙළේයයි මොරගසා කීවෝය.
එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ භක්තිවන්තලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය.
කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි, ලෝකය සමඟ මිත්‍රකම දෙවියන්වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය.
යෝෂුවා හායි නුවර අල්වා ඒක සිඳදමා, ඔහු යෙරිකෝවටත් එහි රජුටත් කළ හැටියට හායිටත් එහි රජුටත් කළ බවත්, ගිබියොන් වැසියන් ඉශ්‍රායෙල්වරුන් සමඟ සමාදානවී ඔවුන් අතරේ සිටින බවත් යෙරුසලමේ රජවූ අදෝනි-ශෙදෙක් ඇසූ කල,
එබැවින් අමෝරිවරුන්ගේ රජවරු පස්දෙන එනම් යෙරුසලමේ රජද හෙබ්‍රොන්හි රජද යර්මුත්හි රජද ලාකීෂ්හි රජද එග්ලොන්හි රජද එකතුව ඔව්හුද ඔවුන්ගේ සියලු සේනාවෝද ගොස් ගිබියොන් ඉදිරියේ කඳවුරු බැඳ ඊට විරුද්ධව යුද්ධ කළෝය.
යෝෂුවා ඔවුන් සමඟ සමාදානවී, ඔවුන්ගේ ප්‍රාණ ඉතුරුකරන හැටියට ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය. සභාවේ අධිපතීහුද ඔවුන්ට දිවුරුම් දුන්නෝය.
මක්නිසාද ඔව්හු සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජුන් රැස්කරන පිණිස, ඔවුන් ළඟට යන්නාවූ, හාස්කම් කරන්නාවූ යක්ෂයින්ගේ ආත්මයෝය. (බලව, මම සොරෙකුමෙන් එමි.