Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 9:15 - Sinhala Revised Old Version

15 යෝෂුවා ඔවුන් සමඟ සමාදානවී, ඔවුන්ගේ ප්‍රාණ ඉතුරුකරන හැටියට ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය. සභාවේ අධිපතීහුද ඔවුන්ට දිවුරුම් දුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ජෝෂුවා ඔවුන් සමඟ සාමය ඇති කරගෙන, ඔවුන්ට ජීවත් වන්නට ඉඩ දෙන හැටියට ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේ ය. ඉශ්රායෙල් ජනයන්ගේ ප්‍රජා මූලිකයෝ ද ඔවුන්ට දිවුරුම් දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ජෝෂුවා ඔවුන් සමඟ සාමය ඇති කරගෙන, ඔවුන්ට ජීවත් වන්නට ඉඩ දෙන හැටියට ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේ ය. ඉශ්රායෙල් ජනයන්ගේ ප්‍රජා මූලිකයෝ ද ඔවුන්ට දිවුරුම් දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 9:15
10 හුවමාරු යොමු  

(ගිබියොන්වරු ඉශ්‍රායෙල් පුත්‍රයෝ නොව අමෝරිවරුන්ගෙන් ඉතිරිව සිටිය කොට්ඨාසයක්ය; ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ට දිවුරුම් දී තිබුණ නුමුත් සාවුල් ඉශ්‍රායෙල් පුත්‍රයන්ටත් යූදාටත් ඇති තමාගේ ජ්වලිතකම නිසා ඔවුන් මරන්ට සෙවුවේය.)


ඔවුන් සමඟවත් ඔවුන්ගේ දෙවිවරුන් සමඟවත් ගිවිසුමක් නොකරන්න.


යෝෂුවා හායි නුවර අල්වා ඒක සිඳදමා, ඔහු යෙරිකෝවටත් එහි රජුටත් කළ හැටියට හායිටත් එහි රජුටත් කළ බවත්, ගිබියොන් වැසියන් ඉශ්‍රායෙල්වරුන් සමඟ සමාදානවී ඔවුන් අතරේ සිටින බවත් යෙරුසලමේ රජවූ අදෝනි-ශෙදෙක් ඇසූ කල,


හෙබ්‍රොන්හි රජවූ හෝහාම්ටද යර්මුත්හි රජවූ පීරාම්ටද ලාකීෂ්හි රජවූ යපියාටද එග්ලොන්හි රජවූ දෙබීර්ටද කියා යැවීය.


ගිබියොන්හි වැසියන්වූ හිවීවරුන් මිස වෙන කිසි නුවරක් ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ සමාදාන නොවීය. ඔව්හු යුද්ධයෙන් අවශේෂ සියල්ලම අල්වාගත්තෝය.


එහෙත් ඔවුන් සමඟ ගිවිසුමක් කර තුන් දවසකට පසු ඔවුන් තමුන්ගේ අසල්වාසීන් බවත් තමුන් අතරෙහි වාසයකරන බවත් ඔවුන්ට ආරංචිවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්