Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 10:1 - Sinhala Revised Old Version

1 යෝෂුවා හායි නුවර අල්වා ඒක සිඳදමා, ඔහු යෙරිකෝවටත් එහි රජුටත් කළ හැටියට හායිටත් එහි රජුටත් කළ බවත්, ගිබියොන් වැසියන් ඉශ්‍රායෙල්වරුන් සමඟ සමාදානවී ඔවුන් අතරේ සිටින බවත් යෙරුසලමේ රජවූ අදෝනි-ශෙදෙක් ඇසූ කල,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ජෝෂුවා ජෙරිකෝවටත්, එහි රජුටත් කළාක් මෙන් ආයිටත් එහි රජුටත් කර, ආයි නගරය අල්ලාගෙන එය සහමුලින් ම විනාශ කළ බවත්, ගිබියොන් වැසියන් ඉශ්රායෙල්වරුන් සමඟ සාමදාන වී ඔවුන් අතරේ සිටින බවත්, ජෙරුසලමේ රජ වූ අදෝනි-ශෙදෙක්ට ආරංචි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ජෝෂුවා ජෙරිකෝවටත්, එහි රජුටත් කළාක් මෙන් ආයිටත් එහි රජුටත් කර, ආයි නගරය අල්ලාගෙන එය සහමුලින් ම විනාශ කළ බවත්, ගිබියොන් වැසියන් ඉශ්රායෙල්වරුන් සමඟ සාමදාන වී ඔවුන් අතරේ සිටින බවත්, ජෙරුසලමේ රජ වූ අදෝනි-ශෙදෙක්ට ආරංචි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 10:1
10 හුවමාරු යොමු  

එසේය, සාලමේ රජවූ, මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයෙක්වූ, මේ මෙල්කිසදෙක් ආබ්‍රහම් රජුන් මැරීමෙන් හැරී එද්දී සම්මුඛව ඔහුට ආශීර්වාදකෙළේය.


නුඹ යෙරිකෝවටත් එහි රජුටත් කළ ලෙස හායිටත් එහි රජුටත් කරන්න. නුමුත් එහි කොල්ලය හා සිව්පාවුන් නුඹලාට කොල්ලයක් කොට ගන්න. නුවරට එහායින් සේනාවක් රහසේ සිටුවන්නැයි කීසේක.


පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයන් හා මහල්ලන්ද ගවයන්ද බැටළුවන්ද කොටළුවන්ද යන නුවර සිටි සියල්ලන්ම කඩුමුවහතින් මුළුමනින්ම විනාශකර දැමුවෝය.


සාලෙම්හි රජවූ මෙල්කිසදෙක් රොටි හා මුද්‍රිකපානය ගෙනායේය. හෙතෙම මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයා විය.


යෝෂුවා සහ සියලු ඉශ්‍රායෙල්වරු සැඟවී සිටිය සමුදාව නුවර අල්ලා ගත් බවත් නුවර ධූමය නැගෙන බවත් දැක, හැරී ඇවිත් හායි නුවර මිනිසුන් මැරුවෝය.


එබැවින් යෙරුසලමේ රජවූ අදෝනි-ශෙදෙක්: ගිබියොන්වරුන් යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද සමඟ සමාදානවූ නිසා අප ඊට පහරදෙන පිණිස මා වෙතට අවුත් මට උපකාර කරන්නැයි


නුමුත් ගිබියොන් වැසියන් යෝෂුවා විසින් යෙරිකෝවටත් හායිටත් කළදේ ඇසූ විට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්