රථයක් රිදී ෂෙකෙල් හසියයකටත් අශ්වයෙක් එකසිය පනහකටත් මිසරයෙන් ගෙනැවිත් විකුණන්ට යෙදුණේය. ඔවුන් එනකොට හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත් සිරියේ රජුන්ටත් ඔව්හු එලෙසම ගෙනත් දුන්නෝය.
යොෂුවා 1:4 - Sinhala Revised Old Version කාන්තාරය හා මේ ලෙබනොන් පටන් මහත් ගංගාව වන ප්‍රාත් ගංගාව දක්වා හිත්තීවරුන්ගේ මුළු දේශය සහ බස්නාහිර මහමුහුද දක්වාද නුඹලාගේ සීමාව වන්නේය. Sinhala New Revised Version පාළුකරය හා මේ ලෙබනොන් දේශය පටන් මහා ගංගාව වන යුප්‍රටීස් ගංගාව දක්වා ඇති, හිත්තීවරුන්ගේ මුළු රට ද අපරදිග මහ මුහුද දක්වා ද නුඹලාගේ දේශ සීමා වනු ඇත. Sinhala New Revised Version 2018 පාළුකරය හා මේ ලෙබනොන් දේශය පටන් මහා ගංගාව වන යුප්‍රටීස් ගංගාව දක්වා ඇති, හිත්තීවරුන්ගේ මුළු රට ද අපරදිග මහ මුහුද දක්වා ද නුඹලාගේ දේශ සීමා වනු ඇත. |
රථයක් රිදී ෂෙකෙල් හසියයකටත් අශ්වයෙක් එකසිය පනහකටත් මිසරයෙන් ගෙනැවිත් විකුණන්ට යෙදුණේය. ඔවුන් එනකොට හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත් සිරියේ රජුන්ටත් ඔව්හු එලෙසම ගෙනත් දුන්නෝය.
සාලමොන් වනාහි ප්‍රාත් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔව්හු කප්පන් ගෙනැත්දී සාලමොන්ගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට සේවයකළෝය.
තවද ශෝබාහි රජවූ හදර්එසෙර් ප්‍රාත් ගඟ ළඟ තමාගේ බලය පිහිටුවන්ට යද්දී, දාවිත් හමාත් දක්වා ඔහුට පහරදී,
නැගෙනහිරට ඔව්හු ප්‍රාත් ගංගාවේ පටන් කාන්තාරයට ඇතුල්වෙන තැන දක්වා වාසයකළෝය. මක්නිසාද ඔවුන්ගේ සිව්පාවෝ ගිලියද් දේශයෙහි බහුලව සිටියෝය.
ගඟ එගොඩ තිබෙන මුළු රට ආණ්ඩුකළ බලවත් රජුන් යෙරුසලමෙහි සිටි බවත් තීරුවද ආදායම්ද සුංගම්ද ඔවුන්ට දෙනලද බවත් දැනගන්ට ලැබුණේය.
මම නුඹේ සීමාව රතු මුහුද පටන් පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද වනාන්තරය පටන් ගංගාව දක්වාද තබන්නෙමි. මක්නිසාද නුඹ විසින් දේශයේ වැසියන් නුඹ ඉදිරියෙන් පන්නාදමන පිණිස ඔවුන් නුඹේ අතට පාවාදෙන්නෙමි.
හැරී ගමන්කොට අමෝරිවරුන්ගේ කඳුකරයටද ඊට ළංවූ අරබා සම භූමියෙත් කඳුකරයෙහිත් පාතරටෙහිත් දකුණු දිසාවෙත් කානානිවරුන්ගේ දේශය වන මුහුදුබඩත් සියලු තැන්වලටද ලෙබනොන්ටද මහත් ගංගාව වන ප්‍රාත් ගංගාව දක්වාද යන්න.
නුඹලාගේ පා තබන සියලු තැන් නුඹලාට වන්නේය. නුඹලාගේ සීමාව කාන්තාරය හා ලෙබනොන් සිට ප්‍රාත් ගඟ පටන් පිටුපස මුහුද දක්වාම වන්නේය.
එගොඩට ගොස් යොර්දානෙන් එතර තිබෙන ඒ යහපත් දේශයද ඒ ශෝභන කඳු රටද ලෙබනොන්ද දකින පිණිස මට යන්ට ඉඩදුන මැනවයි කීයෙමි.
කෙනෙක් කියන ශබ්දයක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි තිබෙන රන් පූජාසනයේ අං සතර කෙරෙන් මට ඇසුණේය.