ඔහු එම දවසේ ලකුණක් දෙමින්: ස්වාමීන්වහන්සේ කී ලකුණ නම්, පූජාසනය පැළී එය පිට තිබෙන අලු විසර වැටීමයයි කීවේය.
යෙසායා 7:11 - Sinhala Revised Old Version නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතින් ලකුණක් නුඹට ඉල්ලන්න; පහත ගැඹුරෙන් හෝ ඉහළ අහසින් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලන්නැයි කීසේක. Sinhala New Revised Version “නුඹට ලකුණක් දෙන ලෙස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඉල්ලන්න; ගැඹුරු පාතාලයෙන් හෝ ඉහළ අහසෙන් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලන්නැ”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 “නුඹට ලකුණක් දෙන ලෙස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඉල්ලන්න; ගැඹුරු පාතාලයෙන් හෝ ඉහළ අහසෙන් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලන්නැ”යි වදාළ සේක. |
ඔහු එම දවසේ ලකුණක් දෙමින්: ස්වාමීන්වහන්සේ කී ලකුණ නම්, පූජාසනය පැළී එය පිට තිබෙන අලු විසර වැටීමයයි කීවේය.
මෙය නුඹට ලකුණු වන්නේය. එනම් මේ අවුරුද්දේ ඉබේම හටගන්නා ධාන්‍ය සහ දෙවෙනි අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනවා ඇත; තුන්වෙනි අවුරුද්දේ නුඹලා වපුරා කපාගන්න, මිදිවතුත් වවා ඒවායේ ඵල කන්න.
නුඹලා උදෙසා ආශ්චර්යයක් පෙන්වන්නැයි ඵාරාවෝ නුඹලාට කියන කල නුඹ ආරොන්ට කථාකොට: නුඹේ සැරයටිය රැගෙන එය සර්පයෙක් වන ලෙස ඵාරාවෝ ඉදිරියෙහි හෙළන්නැයි කියවයි කීසේක.
මේ වනාහි නුඹට ලකුණක් වන්නේය, එනම් මේ අවුරුද්දේ ඉබේම හට ගන්නා ධාන්‍ය සහ දෙවෙනි අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනවා ඇත; තුන්වෙනි අවුරුද්දේ නුඹලා වපුරා කපාගන්න, මිදිවතුත් වවා ඒවායේ ඵල කන්න.
කටු ගස වෙනුවට දේවදාරු ගසද තිබොල් ගස වෙනුවට මරඳ ගසද අටගන්නේය. ඒක ස්වාමීන්වහන්සේට නාමයක් සහ මැකී නොයන සදාකාල ලකුණක්ද පිණිස වන්නේය.
ස්වාමීන්වහන්සේ මෙසේ කී සේක: නුඹ ගොස් කුම්භකාරයෙකුගේ මැටි කළයක් මිලේටගෙන, සෙනඟගේ වැඩිමහල්ලන්ගෙන්ද පූජකයන්ගේ වැඩිමහල්ලන්ගෙන්ද සමහරුන් කැඳවාගෙන,
මාගේ වචන විපත්තිය පිණිස නුඹලා කෙරෙහි සැබවින්ම ස්ථිරවෙන බව නුඹලා දැනගන්න පිණිස මේ ස්ථානයේදී මා නුඹලාට දඬුවම්කරන බවට නුඹලාට ලැබෙන ලකුණ මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ළදරුවෙක් නුඹලාට සම්බවන්නේය; මේක නුඹලාට ලකුණයයි කීවේය.