Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 7:9 - Sinhala Revised Old Version

9 නුඹලා උදෙසා ආශ්චර්යයක් පෙන්වන්නැයි ඵාරාවෝ නුඹලාට කියන කල නුඹ ආරොන්ට කථාකොට: නුඹේ සැරයටිය රැගෙන එය සර්පයෙක් වන ලෙස ඵාරාවෝ ඉදිරියෙහි හෙළන්නැයි කියවයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 “පාරාවෝ නුඹ අමතා, සාක්ෂි වශයෙන් හාස්කම් පෑමට කීවොත්, නුඹ ආරොන්ට කතා කොට, ‘ඔබේ සැරයටිය ගෙන එය සර්පයෙකු වෙන ලෙස පාරාවෝ ඉදිරියෙහි බිම දමන්න,’ කියා කිව යුතු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 “පාරාවෝ නුඹ අමතා, සාක්ෂි වශයෙන් හාස්කම් පෑමට කීවොත්, නුඹ ආරොන්ට කතා කොට, ‘ඔබේ සැරයටිය ගෙන එය සර්පයෙකු වෙන ලෙස පාරාවෝ ඉදිරියෙහි බිම දමන්න,’ කියා කිව යුතු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 7:9
15 හුවමාරු යොමු  

එකල යුදෙව්වරු: නුඹ මේ දේවල් කරන බැවින් මොන ලකුණක් අපට පෙන්වන්නෙහිදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතින් ලකුණක් නුඹට ඉල්ලන්න; පහත ගැඹුරෙන් හෝ ඉහළ අහසින් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලන්නැයි කීසේක.


එවිට ස්වාමීන්වහන්සේ: නුඹේ අතේ තිබෙන්නේ මොකක්දැයි ඔහුගෙන් ඇසූසේක. සැරයටියක්යයි ඔහු කීවේය.


එබැවින් ඔව්හු: එසේවී නම් අප විසින් දැක ඔබ විශ්වාසකරන පිණිස ලකුණක් වශයෙන් ඔබ කුමක් කරනසේක්ද? ඔබ මොන වැඩක් කරනසේක්ද?


නුඹ විසින් හාස්කම් දක්වන්ට මේ සැරයටිය නුඹේ අතින් ගනුවයි කීසේක.


මෝසෙස් තමාගේ සැරයටිය මිසර දේශය කෙරෙහි දිගුකෙළේය, ස්වාමීන්වහන්සේද ඒ දවසේ දවාල හා රාත්‍රිය මුළුල්ලෙහි ඒ දේශය පිටට පෙරදිග සුළඟක් පැමිණෙවුසේක; පහන්වුණු කල පෙරදිග සුළඟින් පළඟැටියෝ ගෙනෙන ලද්දෝය.


නුමුත් ඒවා කරම් නම්, නුඹලා මා විශ්වාස නොකරතත් පියාණන්වහන්සේ මා තුළෙහිද මා පියාණන්වහන්සේ තුළෙහිද සිටින බව දැන තේරුම්ගන්නා පිණිස ක්‍රියා විශ්වාසකරන්නැයි කීසේක.


උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නපුරුවූ කාමමිථ්‍යාචාරිකවූ පරම්පරාවක් ලකුණක් සොයයි; නුමුත් අනාගතවක්තෘවූ යෝනාගේ ලකුණ හැර වෙන ලකුණක් ඔවුන්ට දෙනු නොලබන්නේය.


නුඹ කථාකොට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–තමාගේ ගංගාවල් මැද ලගින්නාවූ, මාගේ ගංගාව මාගේමය කියාත් මම්ම ඒක සාදාගත්තෙමියි කියාත් කියන්නාවූ මහ කිඹුලා වන මිසරයේ ඵාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධයෙමි.


මෝසෙස් තමාගේ සැරයටිය අහස දෙසට දිගුකෙළේය. එවිට ස්වාමීන්වහන්සේ අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාව එවූසේක, ගින්න පොළොව පිට වැටුණේය; ස්වාමීන්වහන්සේ මිසර දේශය පිටට ගල් වර්ෂාව වැස්සෙවුසේක.


එවිට මෝසෙස් තමාගේ භාර්යාවද පුත්‍රයන්ද රැගෙන කොටළුවෙකු පිට හිඳුවා මිසර දේශයට හැරී ගියේය. දෙවියන්වහන්සේගේ සැරයටියද අතින් රැගෙන ගියේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට:


උන්වහන්සේ: ඒක බිම හෙලන්නැයි කීසේක. ඔහු ඒක බිම හෙළූ විට ඒක සර්පයෙක් විය; මෝසෙස් ඌ ඉදිරියෙන් දිවුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්