Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 19:10 - Sinhala Revised Old Version

10 තවද නුඹ සමඟ යන මනුෂ්‍යයන් ඉදිරියේදී කළය බිඳ, ඔවුන්ට මෙසේ කියන්න:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එවිට සමිඳාණන් වහන්සේ මා සමඟ ගිය අය ඉදිරියේ මැටි බඳුන බිඳදමා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එවිට සමිඳාණන් වහන්සේ මා සමඟ ගිය අය ඉදිරියේ මැටි බඳුන බිඳදමා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 19:10
6 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මෙසේ කී සේක: නුඹ ගොස් කුම්භකාරයෙකුගේ මැටි කළයක් මිලේටගෙන, සෙනඟගේ වැඩිමහල්ලන්ගෙන්ද පූජකයන්ගේ වැඩිමහල්ලන්ගෙන්ද සමහරුන් කැඳවාගෙන,


එබැවින් පෙරළා ඉහිරවන්නන් ඔහු ළඟට මා විසින් අරින දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔව්හුද ඔහු පෙරළා, ඔහුගේ භාජන හිස්කොට, ඔහුගේ පාත්‍ර බිඳදමන්නෝය.


ස්ත්‍රියෙක් ඉතා අනර්ඝවූ සුවඳ තෙලින් පිරෙවු සුදු ගල් කරඬුවක් ගෙන උන්වහන්සේ ළඟට ඇවිත්, කෑමට හිඳගන හුන් උන්වහන්සේගේ හිසේ වත්කළාය.


ලිපෙන් ගින්දර ගන්ටවත් පොකුණෙන් වතුර ගන්ටවත් කබලක් සම්බ නොවන ලෙස, ඉතුරු නොකර පොඩිකරන කුම්භකාරයෙකුගේ භාජනයක් බිඳින්නාක්මෙන් උන්වහන්සේ ඒක බිඳිනසේක.


මෝවබ්හි සියලු පියසි උඩද එහි සියලු වීථිවලද වැලපීම ඇත්තේය. මක්නිසාද අප්‍රියවූ භාජනයක් මෙන් මෝවබ් බිඳදැමුවෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්