යෙසායා 53:3 - Sinhala Revised Old Version උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකොට එපාකරනු ලැබූසේක; වේදනා ඇත්තාවූ දුක දන්නාවූ මනුෂ්‍යයෙක්ය. මනුෂ්‍යයන් විසින් තමුන්ගේ මුහුණ සඟවාගන්න කෙනෙකු මෙන්, උන්වහන්සේ සුළුකරනු ලැබූසේක, අපිද උන්වහන්සේ නොසැලකුවෙමුව. Sinhala New Revised Version මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූ හ; දුක හා වද වේදනා දැරූ මිනිස් කෙනෙක් වූ හ. එතුමන් දුටු විට මිනිස්සු ඉවත බලාගත්හ; එතුමාණෝ නෙරපනු ලැබූ හ. අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු. Sinhala New Revised Version 2018 මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූ හ; දුක හා වද වේදනා දැරූ මිනිස් කෙනෙක් වූ හ. එතුමන් දුටු විට මිනිස්සු ඉවත බලාගත්හ; එතුමාණෝ නෙරපනු ලැබූ හ. අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු. |
ඉශ්‍රායෙල්වරුන්ගේ මිදුම්කාරයාද ඔවුන්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකරන්නාවූ, ජාතිය විසින් පිළිකුල්කරන්නාවූ, ආණ්ඩුකාරයන්ගේ සේවකයෙක්වූ තැනැත්තාට කථාකොට: විශ්වාසව සිටින්නාවූ, නුඹව තෝරාගත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ නිසා රජවරු දැක නැගිටින්නෝය; අධිපතීහු නමස්කාරකරන්නෝයයි කියනසේක.
මම මාගේ පිට තළන්නන්ටත් මාගේ කම්මුල් රැවුල් උදුරන්නන්ටත් දුනිමි. මාගේ මුහුණ නින්දාවෙනුත් කෙළගැසීමෙනුත් සඟවා නොගතිමි.
උන්වහන්සේගේ පෙනීම කිසි මනුෂ්‍යයෙකුටත් උන්වහන්සේගේ ස්වරූපය මනුෂ්‍ය පුත්‍රයන්ටත් වඩා අවලක්ෂණව තිබුණු බැවින් බොහෝ දෙනෙක් උන්වහන්සේ නිසා විස්මපත්වුණාක්මෙන්ම,
එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක, ස්වාමීන්වහන්සේගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය.
සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන්වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව.
ඉතින් හමුදාවල දියණියනි, හමුදා වශයෙන් රැස්වෙන්න. ඔහු අපට විරුද්ධව බලකොටු බැඳ තිබේ. ඔව්හු ඉශ්‍රායෙල්ගේ විනිශ්චයකාරයාගේ කම්මුලට දණ්ඩකින් පහරදෙන්නෝය.
එක මාසයකදී එඬේරුන් තුන්දෙනා සිඳදැමීමි; මක්නිසාද මාගේ ආත්මය ඔවුන් ගැන වෙහෙසට පත්විය, ඔවුන්ගේ ආත්මයද මට පිළිකුල්කෙළේය.
එවිට ඔව්හු උන්වහන්සේගේ මුහුණට කෙළගසා, උන්වහන්සේට ගුටි ඇන්නෝය. සමහරෙක් අතුල් පහර ගසා:
ස්වාමිනි, ඒ වංචාකාරයා ජීවත්ව සිටියදී–මම තුන් දවසකට පසු නැගිටින්නෙමියි කී බව අපට මතකය.
බලව, අපි යෙරුසලමට යමුව; මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයන්ටත් ලියන්නන්ටත් පාවාදෙනු ලබන්නේය; ඔව්හු වනාහි ඔහු මරණයට නියමකොට අන්‍යජාතීන්ට පාවාදෙන්නෝය.
ඔව්හු ඔහුට නින්දාකොට, කෙළගසා, තළා, ඔහු මරන්නෝය; නුමුත් තුන් දවසකට පසු ඔහු නැවත නැගිටින්නේයයි කීසේක.
උන්වහන්සේ ඔවුන්ට කථාකොට: මැරෙන තරම් මාගේ සිත ඉතා ශෝකවෙයි. නුඹලා මෙහි නැවතී අවදිව සිටින්නය කියා,
ඔව්හු බට දණ්ඩකින් උන්වහන්සේගේ හිසට ගසා, උන්වහන්සේට කෙළගසා, දණ නමා උන්වහන්සේට නමස්කාරකළෝය.
උන්වහන්සේ කථාකොට: එලියා පළමුවෙන් ඇවිත් සියල්ල නැවත පිහිටුවන්නේමය. මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දේ විඳින්ටත් සුළුකරනු ලබන්ටත් ඕනෑයයි ඔහු ගැනත් ලියා තිබෙන්නේ කෙලෙසද?
මනුෂ්‍ය පුත්‍රයා බොහෝ වධවිඳින්ටත් වැඩිමහල්ලන් විසින්ද නායක පූජකයන් විසින්ද ලියන්නන් විසින්ද එපාකරනු ලබන්ටත් මරනු ලබන්ටත් තුන්වෙනිදා නැගිටින්ටත් ඕනෑයයි කීසේක.
යුදෙව්වරු උත්තරදෙමින්: නුඹ සමාරියයෙක්ය, නුඹට යක්ෂයෙක් ආවේශවෙලාය කියා අප කියනවා හරි නොවේදැයි උන්වහන්සේට කීවෝය.
එහෙත් යෙෂුරූන් තරවී පයින් ගැසීය. නුඹ තරවී ස්ථුලවී තරබාරු වූයෙහිය. එවිට ඔහු තමා සෑදූ දෙවියන්වහන්සේ අත්හැර, තමාගේ ගැළවීමේ පර්වතය සුළුකොට සිතුවේය.
මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය.
උන්වහන්සේ මාංසවත්ව සිටි දවස්වලදී තමන්වහන්සේ මරණයෙන් ගළවන්ට පුළුවන්වූ තැනන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්ත යාච්ඤා සහ කන්නලව් ඔප්පුකර, තමන්ගේ දේවභය නිසා උත්තර ලැබ,