නුමුත් නිරර්ථක මනුෂ්‍යයා අනුවණව සිටින්නේය, එසේය, මනුෂ්‍යයා වල් කොටළුවෙක්ව උපදින්නේය.
යෙසායා 5:21 - Sinhala Revised Old Version තුමූ ප්‍රඥාවන්තයෝයයි සිතන්නාවූද තුමූ නුවණැත්තෝයයි කල්පනාකරන්නාවූද අයට දුක් වේ! Sinhala New Revised Version ‘අපි ඥානවන්තයෝ ය’යි සිතාගෙන ‘අපි නුවණැත්තෝ ය’යි කල්පනා කරන ඔබට වන විපතක මහත! Sinhala New Revised Version 2018 ‘අපි ඥානවන්තයෝ ය’යි සිතාගෙන ‘අපි නුවණැත්තෝ ය’යි කල්පනා කරන ඔබට වන විපතක මහත! |
නුමුත් නිරර්ථක මනුෂ්‍යයා අනුවණව සිටින්නේය, එසේය, මනුෂ්‍යයා වල් කොටළුවෙක්ව උපදින්නේය.
තමාම නුවණ ඇත්තෙකැයි සිතන මිනිසෙකු නුඹ දකින්නෙහිද? ඔහුට වඩා අඥානයෙකු ගැන බලාපොරොත්තුවෙන්ට පුළුවන.
මක්නිසාද ඔහු කථාකොට: මා ඒක කළේ මාගේ අතේ සවියෙනුත් මාගේ ප්‍රඥාවෙනුත්ය. මට නුවණ ඇත්තේය. මම ජනයන්ගේ සීමා පහකෙළෙමි, ඔවුන්ගේ සම්පත්ද පැහැරගෙන, සිංහාසන පිට උන් අය බලවන්තයෙකු මෙන් හෙළාදැමීමි.
නුඹ නින්දාකළෙත් අපහාසකළෙත් කාටද? නුඹ හඬ නැගුවෙත් උඩඟුවෙන් නුඹේ ඇස් එසෙවුවෙත් කාට විරුද්ධවද? ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධවය. ඔහු ගැන ස්වාමීන්වහන්සේ කී වචනය මේය.
මක්නිසාද නුඹේ දුෂ්ටකමෙහි නුඹ නොසැලකිලිව සිට: මා දකින කෙනෙක් නැතැයි කීවෙහිය; නුඹේ ප්‍රඥාව හා නුඹේ දැනගැන්ම කරණකොටගෙන නුඹ මුළාවී: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි නුඹේ සිත තුළ සිතාගත්තෙහිය.
යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා අන්ධයෝ නම් නුඹලාට පාපයක් නැත; නුමුත් දැන්–අපට පෙනේයයි නුඹලා කියන නිසා නුඹලාගේ පාපය පවතින්නේයයි ඔවුන්ට කීසේක.
මක්නිසාද සහෝදරයෙනි, නුඹලාම ඥානවන්තයෝයයි නොසිතන පිණිස, මේ අභිරහස නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි, එනම් අන්‍ය ජාතීන්ගේ සම්පූර්ණත්වය පැමිණෙන තුරු ඉශ්‍රායෙල්වරුන්ට තරමක් දුරට දැඩිකමක් පැමිණ තිබෙන බවය.
එකිනෙකා සමඟ එක්සිත්වෙන්න. උසස් දේවල්හි සිත නොතබා, පහත් දේවලට සිත අවනතකරන්න. නුඹලාම ඥානවන්තයෝයයි නොසිතන්න.