Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 40:23 - Sinhala Revised Old Version

23 අධිපතීන් නාස්තියට පමුණුවන්නෙත්, පොළොවේ විනිශ්චයකාරයන් හිස්කමක් කරන්නෙත් උන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 අධිපතීන් නැති නාස්ති කරන්නේත්, ලොවේ පාලකයන් සුණු විසුණු කරන්නේත්, එතුමාණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 අධිපතීන් නැති නාස්ති කරන්නේත්, ලොවේ පාලකයන් සුණු විසුණු කරන්නේත්, එතුමාණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 40:23
16 හුවමාරු යොමු  

උන්වහන්සේ අධිපතීන් කෙරෙහි නින්දාව වගුරුවා, මං නැති පාළු තැන්වල මුළාවයන්ට සලස්වනසේක.


උන්වහන්සේ අධිපතීන් කෙරෙහි නින්දාව වගුරුවා, සවි ඇත්තන්ගේ ඉඟපටිය මුදනසේක.


ඔව්හු ඒකේ උත්තමයන් රාජ්‍යයට කැඳවන්නෝය, නුමුත් එහි කිසිවෙක් නොවන්නේය, ඒකේ සියලුම අධිපතියෝද නැතිවන්නෝය.


සියලු අලංකාරකම්වල උඩඟුකම කෙළහන්ටත් පොළොවේ සියලු නම්බුකාරයන් නින්දාවට පමුණුවන්ටත් සේනාවල ස්වාමීන්වහන්සේ එය යෝජනාකළසේක.


උන්වහන්සේ අධිපතීන්ගේ එඩි මඩිනසේක. පොළොවේ රජුන්ට භයංකර වන සේක.


තුමූ ප්‍රඥාවන්තයෝයයි සිතන්නාවූද තුමූ නුවණැත්තෝයයි කල්පනාකරන්නාවූද අයට දුක් වේ!


මම එය තුළෙන් විනිශ්චයකාරයා සිඳදමා, එහි සියලු අධිපතීන් ඔහු සමඟ මරාදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


උන්වහන්සේ පූජකයන් වහල්කමට පමුණුවනසේක, බලවතුන් හෙළාදමනසේක.


මනුෂ්‍යයාගේ උඩඟු ඇස් පහත්කරනු ලබන්නේය, මනුෂ්‍යයන්ගේ උඩඟුකමද යටත්කරනු ලබන්නේය, ඒ දවසේ ස්වාමීන්වහන්සේ පමණක් උසස්කරනු ලබන්නේය.


මක්නිසාද උඩඟුවූ අහංකාරවූ සියල්ලට විරුද්ධවද උසස්ව තිබෙන සියල්ලට විරුද්ධවද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්