එහෙත් මේ දේවල් ඔබගේ සිතෙහි සඟවා තබාගත්සේක; මේ කාරණය ඔබගේ කල්පනාවෙහි තිබුණු බව දනිමි.
යෙසායා 46:9 - Sinhala Revised Old Version පුරාණයේ පළමු කාරණා සිහිකරන්න. මක්නිසාද මමම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත; මම දෙවියන්වහන්සේය, මා සමාන කෙනෙක් නැත. Sinhala New Revised Version පුරාණයේ සිදු වූ දේ සිහි කරගෙන මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවෙකු නැති බව පිළිගන්න. Sinhala New Revised Version 2018 පුරාණයේ සිදු වූ දේ සිහි කරගෙන මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවෙකු නැති බව පිළිගන්න. |
එහෙත් මේ දේවල් ඔබගේ සිතෙහි සඟවා තබාගත්සේක; මේ කාරණය ඔබගේ කල්පනාවෙහි තිබුණු බව දනිමි.
උන්වහන්සේ තමන් ආශ්චර්ය ක්‍රියා සිහිවෙන්ට සැලැස්වූසේක. ස්වාමීන්වහන්සේ දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය.
ස්වාමීන්වහන්ස, දෙවිවරුන් අතරේ ඔබට සමාන කවුද? ශුද්ධකමින් මහිමවත්වූ, ප්‍රශංසාවලින් භයංකරවූ, පුදුම දේ කරන්නාවූ ඔබ සමාන කවුද?
ඔහුද: හෙටයයි කීය. එවිට ඔහු: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හා සමාන කිසිවෙක් නැති බව ඔබ දැනගන්නා පිණිස ඔබගේ වචනය ලෙස වේවා.
මක්නිසාද මුළු පොළොවෙහි මා සමාන කෙනෙක් නැති බව නුඹ දැනගන්නා පිණිස මේ වතාවේ නුඹේ සිතටත් නුඹේ සේවකයන් පිටටත් නුඹේ සෙනඟ පිටටත් මාගේ සියලු පීඩාවන් පමුණුවන්නෙමි.
අප විසින් දැනගන්න පිණිස පටන්ගැන්මේ සිටත්: ඔහු ධර්මිෂ්ඨයයි අප විසින් කියන පිණිස පුරාණයේදීත් දැන්නුවේ කවුද? එසේය, දන්වන කිසිවෙක් නැත. එසේය, ප්‍රකාශකරන කිසිවෙක් නැත, එසේය, නුඹලාගේ වචන අසන කිසිවෙකුත් නැත.
බලන්න, බලන්නැයි පළමුකොට සියොනට කීවේ මමය; ශුභ ආරංචි ගෙනෙන කෙනෙකු මම යෙරුසලමට දෙන්නෙමි.
බලව, පළමු කී දේවල් මෙන්න සිද්ධවී තිබේ, මම අමුතු දේවල් දන්වමි. ඒවා හටගන්ට පළමුවෙන් ඒවා නුඹලාට ප්‍රකාශකරමි.
මම ඒ තැනන්වහන්සේ බව නුඹලා දැනගන මා විශ්වාසකර තේරුම්ගන්න පිණිස, නුඹලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මා සිටින්ට පළමුවෙන් කිසි දෙවිකෙනෙක් සාදනු ලැබුවේ නැත, මට පසුව සිටින්නෙත් නැත.
ස්වාමීන්වහන්සේ කියනසේක්: මිසරයේ සම්පත්ද කූෂ්හි ලාභයද උස ඇති මනුෂ්‍යයෝවූ ෂෙබාවරුද නුඹ වෙතට පැමිණ නුඹට අයිතිවන්නෝය; ඔව්හු නුඹ පස්සේ එන්නෝය; ඔව්හු දම්වැල් සහිතව නුඹ වෙතට පැමිණ නුඹට වැඳ: සැබවින්ම නුඹ වෙත දෙවියන්වහන්සේ සිටිනසේක; උන්වහන්සේ ඇර අන් දෙවිකෙනෙක් ඇත්තේම නැතැයි කියමින් නුඹට කන්නලව්කරන්නෝයයි කියනසේක.
මක්නිසාද ස්වර්ගයන් මැවුවාවූ, පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත.
පළමු කාරණා පූර්වයේ පටන් දැන්වීමි; එසේය, ඒවා මාගේ මුඛයෙන් නික්මුණේය, මමද ඒවා ප්‍රකාශකෙළෙමි. මම ඒවා හදිසියෙන් කෙළෙමි, ඒවා සිදුවුණේය.
මක්නිසාද, බලව, මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. පළමු දේ මතක්කරනු ලබන්නේවත් සිහිවෙන්නේවත් නැත.
බලව, ඔහු සිංහයෙකු මෙන් යොර්දාන් වනයේ සිට බලවත් නිවාසයට විරුද්ධව නැගී එන්නේය. මක්නිසාද මම ඇසිල්ලකින් ඈ වෙතින් ඔහු දුවන්ට සලස්වන්නෙමි; තෝරාගන්නාලද කවරෙකු නුමුත් මම ඈ කෙරෙහි පත්කරන්නෙමි. මක්නිසාද මට සමාන කවුද? මට කාලයක් නියමකරන්නේ කවුද? මා ඉදිරියෙහි සිටින්ට පුළුවන් එඬේරාත් කවුද?
බලව, ඔහු සිංහයෙකු මෙන් යොර්දානේ වනයේ සිට බලවත් නිවාසයට විරුද්ධව නැගී එන්නේය. මක්නිසාද මම ඇසිල්ලකින් ඈ වෙතින් ඔවුන් දුවන්ට සලස්වන්නෙමි; තෝරාගන්නා ලද කවරෙකු නුමුත් මම ඔහු ඈ කෙරෙහි පත්කරන්නෙමි. මක්නිසාද මට සමාන කවුද? මට කාලයක් නියමකරන්නේ කවුද? මා ඉදිරියෙහි සිටින්ට පුළුවන් එඬේරාත් කවුද?
නුඹලා මාර්ගවල නැවතී සිට බලා, හොඳවූ මාර්ගය කොයි එකද කියා පුරාණ මාවත් ගැන අසාගන එහි යන්න, එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුමුත් ඔව්හු: අපි එහි නොයන්නෙමුයයි කීවෝය.
මා ඉශ්‍රායෙල්වරුන් අතරේ සිටින බවත් මා නුඹලාගේ දෙවිවු ස්වාමීන්වහන්සේ බවත් වෙන කෙනෙක් නැති බවත් නුඹලා දැනගන්නවා ඇත. මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට නොපැමිණෙන්නෝය.
අපට ඇත්තේ එක දෙවිකෙනෙක් වන පියාණන්වහන්සේය. සියල්ල පැමිණ තිබෙන්නේ උන්වහන්සේගෙන්ය, අපිත් උන්වහන්සේ උදෙසාය. තවද අපට ඇත්තේ එක ස්වාමීන්වහන්සේය, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. සියල්ල උන්වහන්සේ කරණකොටගෙනය, අපිත් උන්වහන්සේ කරණකොටගෙනය.
පුරාණ දවස් සිහිකරව්, පරම්පරාවෙන් පරම්පරාවට පසුවුණ වර්ෂ කල්පනාකරව්. නුඹේ පියාගෙන් අසව, ඔහු නුඹට පෙන්වන්නේය; නුඹේ වැඩිමහල්ලන්ගෙන් අසව, ඔව්හු නුඹට කියන්නෝය.
අහෝ යෙෂුරූන්, නුඹට උපකාර කරන්ට අහස පිටද ස්වකීය මහිමයෙන් වලාකුල් පිටද නැගී එන්නාවූ දෙවියන්වහන්සේට සමාන කෙනෙක් නැත.