එසේය, මා ගැන නියමකර තිබෙන දේ උන්වහන්සේ ඉෂ්ටකරනසේක. එබඳු බොහෝ කාරණා උන්වහන්සේ වෙත තිබේ.
යෙසායා 40:27 - Sinhala Revised Old Version මාගේ මාර්ගය ස්වාමීන්වහන්සේගෙන් සැඟවී තිබේය කියාත් මාගේ විනිශ්චය මාගේ දෙවියන්වහන්සේ වෙතින් පහවේය කියාත් එම්බා යාකොබ්, නුඹ කියන්නෙත් එම්බා ඉශ්‍රායෙල්, නුඹ කථාකරන්නෙත් මක්නිසාද? Sinhala New Revised Version අහෝ, ඉශ්රායෙල් සෙනඟෙනි! අහෝ, ජාකොබ්ගේ සෙනඟෙනි! සමිඳාණෝ ඔබේ දුක් නොදන්න සේක කියාත්, ඔබේ අයිතිවාසිකම් නොසලකන සේක කියාත් ඔබ මැසිවිලි කියන්නේ මන් ද? Sinhala New Revised Version 2018 අහෝ, ඉශ්රායෙල් සෙනඟෙනි! අහෝ, ජාකොබ්ගේ සෙනඟෙනි! සමිඳාණෝ ඔබේ දුක් නොදන්න සේක කියාත්, ඔබේ අයිතිවාසිකම් නොසලකන සේක කියාත් ඔබ මැසිවිලි කියන්නේ මන් ද? |
එසේය, මා ගැන නියමකර තිබෙන දේ උන්වහන්සේ ඉෂ්ටකරනසේක. එබඳු බොහෝ කාරණා උන්වහන්සේ වෙත තිබේ.
මාගේ යුක්තිය වැලැක්වූ දෙවියන්වහන්සේද මාගේ ආත්මය ශෝකකළාවූ සර්වපරාක්‍රමයාණන්ද ජීවමාන බව සැබෑවාසේම,
ස්වාමීන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; මම ඔබ උසස්කොට ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි; මක්නිසාද ඔබ පුදුම දේ එනම් පුරාතන මන්ත්‍රණ විශ්වාසයෙන්ද සැබෑකමෙන්ද ඉෂ්ටකළසේක.
එම්බා යාකොබ්, ඉශ්‍රායෙල්, මේ දේවල් සිහිකරන්න, මක්නිසාද නුඹ මාගේ මෙහෙකරුවාය. මම නුඹ සෑදීමි; නුඹ මාගේ මෙහෙකරුවාය. ඉශ්‍රායෙල්, නුඹ මාගේ සිහියෙන් තොර නොවන්නෙහිය.
නුමුත් සියොන්: යෙහෝවඃවහන්සේ මා අත්හැරියසේක, ස්වාමීන්වහන්සේ මා මතකනැතිකළසේකැයි කීවාය.
නුමුත් මම කථාකොට: මම පලක් නැතුව වෙහෙසුණෙමි, හිස්කමටත් නිෂ්ඵලකමටත් මාගේ ශක්තිය නැති කරගතිමි. එසේ වී නුමුත් සැබවින්ම මාගේ විනිශ්චය ස්වාමීන්වහන්සේ වෙතද මාගේ විපාකය මාගේ දෙවියන්වහන්සේ වෙතද තිබේයයි කීමි.
මම උදහස වගුරුවා මාගේ මුහුණ මොහොතක් නුඹෙන් සඟවා ගතිමි; නුමුත් සදාකාල කරුණාවෙන් නුඹට අනුකම්පාකරමියි නුඹේ මිදුම්කාරයා වන ස්වාමීන්වහන්සේ කියනසේක.
දාවිත් තමාගේ සිතින් කල්පනාකොට: යම් දවසක සාවුල් අතින් මට මරණය පැමිණෙන්නේය. පිලිස්තිවරුන්ගේ දේශයට ගැළවීයාම මිස වෙන හොඳ විධියක් මට නැත; සාවුල්ද මුළු ඉශ්‍රායෙල් සීමාව තුළේ තවත් මා සෙවීමෙන් මත්තට වලකිනවා ඇත. මෙසේ ඔහුගේ අතින් ගැළවෙන්ට මට පුළුවන්වේයයි කීවේය.