මෙසේ වඩුවා රන්කරුවාටද මිටියෙන් මට්ටම්කරන්නා කිණිහිරය පිට තළන්නාටද ධෛර්යදුන්නේය, පෑස්සීම හොඳයයි කියා ඔහු ඒක නොසෙල්වෙන ලෙස ඇණවලින් සවිකෙළේය.
යෙසායා 40:20 - Sinhala Revised Old Version එබඳු යාගයක් පිදීමට වත්කම නැති අය නොදිරන ගහක් තෝරාගනියි; ඔහු නොසෙල්වෙන කැපූ රූපයක් පිහිටුවන්ට දක්ෂ කම්කරුවෙකු සොයාගනියි. Sinhala New Revised Version වත්කම් ඇති මිනිසෙකු නොදිරන ලීයක් සපයා ගෙන, නිපුණ කම්කරුවෙකු යොදවා ගෙන, තිරසර ලෙස තනාගත් පිළිමයට එතුමන් සමාන නැත. Sinhala New Revised Version 2018 වත්කම් ඇති මිනිසෙකු නොදිරන ලීයක් සපයා ගෙන, නිපුණ කම්කරුවෙකු යොදවා ගෙන, තිරසර ලෙස තනාගත් පිළිමයට එතුමන් සමාන නැත. |
මෙසේ වඩුවා රන්කරුවාටද මිටියෙන් මට්ටම්කරන්නා කිණිහිරය පිට තළන්නාටද ධෛර්යදුන්නේය, පෑස්සීම හොඳයයි කියා ඔහු ඒක නොසෙල්වෙන ලෙස ඇණවලින් සවිකෙළේය.
ආචාරියා පොරොවක් සාදමින්, ගිනි අඟුරුවලින් වැඩකරමින්, මිටිවලින් ඒක තළා, තමාගේ සවි හස්තයෙන් ඒක සාදයි. එසේය, ඔහුට බඩගිනිව ඔහුගේ ශක්තිය හීනවෙයි; ඔහු වතුර නොබී ක්ලාන්තවෙයි.
ඔව්හු එය කර පිට තබා, උසුලා, එය ගෙන ගොස්, ඊට නියම ඉඩමේ තබති, එයද සිටෙවු ස්ථානයෙන් නොයයි. එසේය, යමෙක් ඊට යාච්ඤාකරන නුමුත් උත්තර දෙන්ටවත් විපතෙන් ඔහු ගළවන්ටවත් එයට බැරිය.
ස්වර්ගයේ ස්වාමීන්වහන්සේට විරුද්ධව උසස්වී, උන්වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගන, ඔබද ඔබගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් මුද්‍රිකපානය බීවෝය; තවද කිසි පෙනීමක්වත් ඇසීමක්වත් දැනුමක්වත් නැත්තාවූ, රන් රිදී පිත්තල යකඩ ලී සහ ගල්ද වූ දෙවිවරුන්ට ඔබ ප්‍රශංසාකෙළෙහිය. නුමුත් ඔබගේ හුස්ම තමන් හස්තයෙහි ඇත්තාවූ, ඔබගේ සියලු මාර්ග අයිතිවූ දෙවියන්වහන්සේට ඔබ ගෞරවකළේ නැත.