Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 40:20 - Sinhala New Revised Version

20 වත්කම් ඇති මිනිසෙකු නොදිරන ලීයක් සපයා ගෙන, නිපුණ කම්කරුවෙකු යොදවා ගෙන, තිරසර ලෙස තනාගත් පිළිමයට එතුමන් සමාන නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 වත්කම් ඇති මිනිසෙකු නොදිරන ලීයක් සපයා ගෙන, නිපුණ කම්කරුවෙකු යොදවා ගෙන, තිරසර ලෙස තනාගත් පිළිමයට එතුමන් සමාන නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 එබඳු යාගයක් පිදීමට වත්කම නැති අය නොදිරන ගහක් තෝරාගනියි; ඔහු නොසෙල්වෙන කැපූ රූපයක් පිහිටුවන්ට දක්ෂ කම්කරුවෙකු සොයාගනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 40:20
9 හුවමාරු යොමු  

ඔව්හු එය කර පිට තබා, උසුලාගෙන ගොස් ඊට නියම තැනක තබති. ඒ රූපයට සෙලවෙන්න වත් නොහැකි ව එතැන ම රැඳී තිබේ. යාච්ඤා කළත් පිළිතුරු දෙන්න වත්, විපතින් යමෙකු ගළවන්න වත් එයට බැරි ය.


කම්කරුවා රන්කරුවාට ද මිටියෙන් පිළිමය මට්ටම් කරන්නා කිණිහිරය පිට තළන්නාට ද ධෛර්යය දෙන්නෝ ය. ‘පෑස්සීම හොඳ ය’යි කෙනෙක් කියති. ඔව්හු පිළිමය නොසෙල්වෙන සේ ඇණවලින් සවි කරති.


තවද, කිසි පෙනීමක් වත්, ඇසීමක් වත්, දැනුමක් වත් නැති, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී සහ ගලින් සාදන ලද දෙවිවරුන්ට ඔබ ප්‍රශංසා කෙළෙහි ය. එහෙත්, ඔබේ ප්‍රාණයටත්, ඉරණමටත් කර්තෘ වන දෙවියන් වහන්සේට ඔබ ගෞරව කෙළේ නැත.


ආචාරියා ලෝහයක් ගෙන එය ගිනියම් කොට තමාගේ බලවත් අතින් මිටියක් ගෙන, එය තළා හැඩගසන්නේ ය. එසේ කිරීමෙන්, සාපිපාසයටත්, වෙහෙසටත් පත් වී ඔහු දුර්වල වන්නේ ය.


ඔව්හු මත්පැන් බී, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී හා ගල්වලින් තනන ලද දෙවිවරුන්ට ප්‍රශංසා කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්