යෙසායා 40:19 - Sinhala Revised Old Version කැටයම් රූපය වනාහි කම්කරුවෙකු විසින් වාත්තු කරනලද්දේය, රන්කරුවා ඒක රනින් වසා ඊට රිදී දම්වැල් සාදයි. Sinhala New Revised Version කම්කරුවෙකු වාත්තු කළ, රන්කරුවෙකු රන් ආලේප කළ රිදී දාමයෙන් සරසන ලද පිළිමයකට එතුමන් සමාන නැත. Sinhala New Revised Version 2018 කම්කරුවෙකු වාත්තු කළ, රන්කරුවෙකු රන් ආලේප කළ රිදී දාමයෙන් සරසන ලද පිළිමයකට එතුමන් සමාන නැත. |
පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන්, පර්වතවල ගුහාවලටත් කඳුවල විවරවලටත් ඇතුල්වන පිණිස,
ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී තිබේ; තමුන්ගේම අත්වැඩය වන තමුන්ගේම ඇඟිලිවලින් සෑදූ දේට ඔව්හු වඳිති.
නුඹේ කැපූ රූපවල රිදී වැස්මත් නුඹේ වාත්තු රූපවල රන් වැස්මත් නුඹලා අපවිත්‍රකරන්නහුය. නුඹ ඒවා කිලුටුකමක් කොට විසුරුවා දමා: අහක්වෙවයි ඊට කියන්නෙහිය.
තර්ෂිෂෙන් තහඩුකළ රිදීද උපාශෙන් රන්ද ගෙනෙනු ලැබේ; ඒවා කම්කරුවාගේද රන්කරුවාගේද අත්වල වැඩක්ය; නිල් සහ රත්නිල් රෙදි ඒවායේ වස්ත්‍රය; ඒ සියල්ල දක්ෂ කම්කරුවන්ගේ වැඩක්ය.
මක්නිසාද මේකත් ඉශ්‍රායෙල්වරුන්ගෙන්ය; ඒක සෑදුවේ කම්කරුවෙක්ය, ඒක දෙවියන්වහන්සේ නොවේ. එසේය, සමාරියේ වස්සා කැබෙලිකරනු ලබන්නේය.
ඔහු ඒ මුදල නැවත තමාගේ මවුට දුන් කල ඔහුගේ මවු රිදී දෙසියයක් රැගෙන කම්කරුවාට දුන්නාය, ඔහු එයින් කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද සෑදුවේය. ඒවා මීකාගේ ගෙයි තිබුණේය.