මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක.
යෙසායා 38:19 - Sinhala Revised Old Version ජීවත්ව සිටින්නා–ජීවත්ව සිටින්නාම–අද මා වාගේ ඔබට ස්තුතිකරන්නේය. පියා දරුවන්ට ඔබගේ විශ්වාසකම ගැන දන්වන්නේය. Sinhala New Revised Version මා ඔබට දැන් ප්‍රශංසා කරන්නාක් මෙන් ඔබට ප්‍රශංසා කරන්නේ ජීවතුන් අතර සිටින අය ම ය. ඔබේ විශ්වාසවන්තකම ගැන පියවරු සිය දරුවන්ට කියති. Sinhala New Revised Version 2018 මා ඔබට දැන් ප්‍රශංසා කරන්නාක් මෙන් ඔබට ප්‍රශංසා කරන්නේ ජීවතුන් අතර සිටින අය ම ය. ඔබේ විශ්වාසවන්තකම ගැන පියවරු සිය දරුවන්ට කියති. |
මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක.
මාගේ ආත්මය ජීවත්වේවා, එවිට එය ඔබට ප්‍රශංසාකරන්නේය; ඔබගේ විනිශ්චයෝ මට උපකාර කෙරෙත්වා.
එක් පරම්පරාවක් තවත් පරම්පරාවකට ඔබගේ කර්මාන්ත වර්ණනාකරමින්, ඔබගේ බලවත් ක්‍රියා ප්‍රකාශකරන්නේය.
දිවිහිමියෙන් ස්වාමීන්ට ප්‍රශංසාකරන්නෙමි. මා පවතින තුරු මාගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.
මිසරයට මා කළ දේ සහ ඔවුන් අතරේ දැක්වූ මාගේ ලකුණු කුමක්දැයි නුඹේ පුත්‍රයාටත් නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාටත් ඇසෙන පරිද්දෙන් නුඹ විසින් කියාදෙන පිණිසත් මම ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්න පිණිසත්යයි කීසේක.
කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.
නුඹලාගේ දරුවන්ට ඒ ගැන කියාදෙන්න, නුඹලාගේ දරුවෝ තමුන්ගේ දරුවන්ටත් ඔවුන්ගේ දරුවෝ තවත් පරම්පරාවකටත් කියාදෙත්වා.
දවහල්ව තිබියදී මා එවූ තැනන්වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය. රාත්‍රිය පැමිණෙයි, එවිට කිසිවෙකුට වැඩකරන්ට නුපුළුවන.
නුඹලා මාගේ මේ වචන නුඹලාගේ සිතෙහිද ආත්මයෙහිද තබාගෙන, ඒවා නුඹලාගේ අත්වල ලකුණක් පිණිස බැඳ, නුඹලාගේ ඇස් අතරේ නළල් පටි පිණිසද බැඳ ගන්න.
ඒවා නම්, ස්වාමීන්වහන්සේ මට කථාකොට: සෙනඟ මා ළඟට රැස්කරන්න, ඔවුන් භූමිය මතුපිට ජීවත්වෙන සියලු දවස්වල මට භය වෙන්ට ඉගෙනගන්නා පිණිසත් තමුන්ගේ දරුවන්ට උගන්වන පිණිසත් මාගේ වචන ඔවුන්ට ඇසෙන්ට සලස්වන්නෙමියි මට කීකල නුඹ හොරෙබ්හිදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටි දවසේදී වුණ දේවල්ය.
නුඹේ ඇස්වලින් දුටු දේවල් නුඹට මතකනැති නොවන පිණිසත් නුඹේ ජීවිතයේ සියලු දවස්වල ඒවා නුඹේ සිතෙන් පහනොවන පිණිසත් බලාගෙන, නුඹේ ආත්මය ප්‍රවේසමෙන් ආරක්ෂාකරගන්න; ඒවා නුඹේ පුත්‍රයන්ටද නුඹේ පුත්‍රයන්ගේ පුත්‍රයන්ටද දන්වන්න.
ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරන්න.