බලව, මාංසයෙන් තරවූ, පෙනීමට ලක්ෂණවූ එළදෙනුන් සත්දෙනෙක් ගංගාවෙන් නැගී ඇවිත් පන්ගස් අතරේ කමින් සිටියෝය.
යෙසායා 30:23 - Sinhala Revised Old Version උන්වහන්සේද නුඹ පොළොවෙහි වපුරන නුඹේ බීජවලට වර්ෂාවද බිමේ අස්වැන්නෙන් කෑමද දෙනසේක, එය සාරවත්ව වර්ධනයවන්නේය. ඒ දවසෙහි නුඹේ සිව්පාවෝ විශාල ගොදුරු බිම්වල තෘණ කන්නෝය. Sinhala New Revised Version ඔබ බීජ වැපුරූ කල ඒවා වැඩෙන පිණිස සමිඳාණන් වහන්සේ වර්ෂාව එවන සේක. උන් වහන්සේ ඔබට සාරවත් මහා අස්වැන්නක් දෙන සේක. ඔබේ ගවයන්ට ගොදුරු පිණිස විශාල තණ බිම් ඇති වන්නේ ය. Sinhala New Revised Version 2018 ඔබ බීජ වැපුරූ කල ඒවා වැඩෙන පිණිස සමිඳාණන් වහන්සේ වර්ෂාව එවන සේක. උන් වහන්සේ ඔබට සාරවත් මහා අස්වැන්නක් දෙන සේක. ඔබේ ගවයන්ට ගොදුරු පිණිස විශාල තණ බිම් ඇති වන්නේ ය. |
බලව, මාංසයෙන් තරවූ, පෙනීමට ලක්ෂණවූ එළදෙනුන් සත්දෙනෙක් ගංගාවෙන් නැගී ඇවිත් පන්ගස් අතරේ කමින් සිටියෝය.
හොඳ එළදෙනුන් සත්දෙනා නම් අවුරුදු සතක්ය. හොඳ කරල් සත නම් අවුරුදු සතක්ය; ස්වප්නය එකක්මය.
ඔව්හු ඔබගේ ගෘහයේ පූර්ණකමෙන් බොහෝසේ තෘප්තියට පැමිණෙන්නෝය; ඔබගේ ප්‍රීතිය නමැති ගංගාවෙන් ඔබ ඔවුන්ට පානයකරවනසේක.
තවද ඒ දවසේදී ඔහුගේ බර නුඹේ කරෙන්ද ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන්ද පහවන්නේය, නුඹේ තරකම නිසා වියගහද කැඩෙන්නේයයි කියනසේක.
නුවරද සහමුලින්ම පහත්කමට පැමිණෙනවා ඇත. සෑම දියපාරවල් ළඟ වපුරන්නාවූ, ගොනාගෙත් කොටළුවාගෙත් පාද මුදන්නාවූ නුඹලා වාසනාවන්තයෝය.
ගැළවුණු ඉශ්‍රායෙල්වරුන්ට ඒ දවසේ ස්වාමීන්වහන්සේගේ පැළෑටියද අලංකාරව දීප්තිමත් වන්නේය, දේශයේ ඵල උතුම්ව ශෝභන වන්නේය.
මම ඒක පාළුවට අරින්නෙමි; එහි අතු පාහිනු ලබන්නේවත් එය කොටනු ලබන්නේවත් නැත. නුමුත් කටු ගස් සහ ගොකටු එහි හටගන්නවා ඇත. එහි වැසි නොවසින හැටියට වලාකුල්වලට අණකරන්නෙමි.
ස්වාමීන්වහන්සේ නිතරම නුඹට මගපෙන්වා, වියළි තැන්වලදී නුඹේ ප්‍රාණය තෘප්තියට පමුණුවා, නුඹේ ඇටද ශක්තිමත්කරනසේක; නුඹ වතුර ඇති උයනක් මෙන්ද දිය සිදී නොයන උල්පතක් මෙන්ද වන්නෙහිය.
වර්ෂාව වස්වන කෙනෙක් ජාතීන්ගේ නිෂ්ඵල දෙවිවරුන් අතරේ ඇද්ද? නොහොත් වැහිවලා දෙන්ට අහසට පුළුවන්ද? අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ දේ කරන්නේ ඔබ නොවේද? එබැවින් අපි ඔබ ගැන බලා සිටින්නෙමුව; මක්නිසාද ඔබම මේ සියල්ල කළසේක.
මක්නිසාද ඉශ්‍රායෙල් මුරණ්ඩු එළදෙනෙක් මෙන් මුරණ්ඩුවූවාය. දැන් ස්වාමීන්වහන්සේ ඔවුන් බැටළුපැටවෙකු මෙන් විශාල ඉඩමක පෝෂ්‍යකරනවා ඇත.
නුඹලාගේ ගොයම් මඩින කාලය මුද්‍රිකඵල නෙළන කාලය දක්වා පවත්නේය, මුද්‍රිකඵල නෙළන කාලය වපුරන කාලය දක්වා පවත්නේය. නුඹලා සෑහෙන්ට කෑම කා නුඹලාගේ දේශයෙහි සුරක්ෂිතව සිටින්නහුය.
අන්තිම වර්ෂා කාලයට ස්වාමීන්වහන්සේගෙන්, එනම් විදුලිකොටවන ස්වාමීන්වහන්සේගෙන් වර්ෂාව ඉල්ලන්න; උන්වහන්සේද ඔවුන්ට තද වර්ෂාවත් එකිනෙකාට පිට්ටනියෙහි තෘණත් දෙනවා ඇත.
මාගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස නුඹලා ගබඩාගෙට ඔතු සියල්ල ගෙනවුත්, මා විසින් නුඹලාට අහසේ කවුළු ඇර ඉඩම් මදිවෙන තරම් නුඹලාට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසිකර බලන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
නුමුත් මාගේ නාමය කෙරෙහි භය ඇත්තාවූ නුඹලාට ධර්මිෂ්ඨකමේ සූර්යයා ස්වකීය පියාපත්වල සුවකිරීම ඇතුව උදාවන්නේය; නුඹලා නික්ම ගොස් ගාලේ වස්සන් මෙන් පනින්නහුය.
නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.
නුඹේ ධාන්‍ය හා මුද්‍රික ඵලද තෙල්ද රැස්කරගන්නා පිණිස මම නිසි කාලයට නුඹලාගේ දේශයෙහි වර්ෂාව එනම් ප්‍රථම වර්ෂාවද අන්තිම වර්ෂාවද දෙන්නෙමි.
මක්නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය; නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජනවත්ය.