ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 29:10 - Sinhala Revised Old Version

මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි නිදිමත භාවයක් වගුරුවා, අනාගතවක්තෘවරුන් වන නුඹලාගේ ඇස් පියෙවූසේක; දර්ශනකාරයන් වන නුඹලාගේ හිස්ද වැසූසේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමිඳුන් ඔබ තද නින්දට වැටෙන ලෙස ඔබ කෙරෙහි නිදිබර ගතිය ඇතිකර තිබේ. දිවැසිවරුන් සෙනඟගේ දෙනෙත් මෙන්, විය යුතු නමුත්, දෙවිඳුන් ඔවුන්ගේ ඇස් බැඳ ඇත. බොරු දිවැසිවරුන්ගේ මොළය අවුල්කර ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සමිඳුන් ඔබ තද නින්දට වැටෙන ලෙස ඔබ කෙරෙහි නිදිබර ගතිය ඇතිකර තිබේ. දිවැසිවරුන් සෙනඟගේ දෙනෙත් මෙන්, විය යුතු නමුත්, දෙවිඳුන් ඔවුන්ගේ ඇස් බැඳ ඇත. බොරු දිවැසිවරුන්ගේ මොළය අවුල්කර ඇත.

පරිච්ඡේදය බලන්න



යෙසායා 29:10
21 හුවමාරු යොමු  

නොපෙනෙන ලෙස ඔවුන්ගේ ඇස් අඳුරුවේවා; ඔවුන්ගේ කටි නිතරම වෙවුලන්ට සැලැස්සුව මැනව.


මම තවත් මේ සෙනඟ අතරේ පුදුම ක්‍රියාවක් එනම් පුදුමවූ අපූරු ක්‍රියාවක් කරන්ට පටන්ගන්නෙමි. ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැතිවී යන්නේය, ඔවුන්ගේ නැණවතුන්ගේ නුවණද සැඟවීයන්නේයයි කීසේක.


ඔව්හු දිවස් ඇත්තන්ට: නුඹලා දර්ශන නොදකින්නය කියාද, ප්‍රොපේතවරුන්ට: නුඹලා හරිවූ දිවස්වාක්‍ය අපට නොපවසා, මෘදු වචන කථාකොට, රැවටිලි වාක්‍ය අපට පවසන්නය කියාද:


නුඹේ මුල් පියා පව් කෙළේය, නුඹේ තානාපතියෝද මට විරුද්ධව වරදකළෝය.


ඔව්හු නොදනිති, ඔව්හු කල්පනා නොකෙරෙති. මක්නිසාද නොපෙනෙන හැටියට ඔවුන්ගේ ඇස්ද තේරුම් නොගන්න හැටියට ඔවුන්ගේ සිත්ද වසා තිබේ.


ඒ දවසේදී රජුගේ සිතද අධිපතීන්ගේ සිත්ද බයාදුවන්නෝය; පූජකයෝ විස්මපත්වනනෝය, අනාගතවක්තෘවරුද ත්‍රස්තවන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔව්හු අන්ධයන් මෙන් වීථිවල ඔබ මොබ යති, මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වස්ත්‍රවල තැවරෙන්ට බැරි තරමට ඔව්හු ලෙයින් කිලුටුවී සිටිති.


අනාගතවක්තෘ රැවටී වචනයක් කියනවා නම්, ස්වාමීන්වහන්සේ වන මම ඒ අනාගතවක්තෘ රැවටෙන්ට සැලැස්වීමි, මම ඔහුට විරුද්ධව මාගේ අත දිගුකොට, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් අතරෙන් ඔහු නාස්තිකරන්නෙමි.


අනාගතවාක්‍ය නොපවසන්නැයි ඔව්හු අනාගතවාක්‍ය කියති. නින්දාවල් පහව නොයන්නේයයි ඔව්හු කියති.


තවද මම මෙසේ කීවෙමි: යාකොබ්ගේ ප්‍රධානියෙනි, ඉශ්‍රායෙල් වංශයේ ආණ්ඩුකාරයෙනි, අසන්න. විනිශ්චය දැනගැනීම නුඹලාගේ යුතුකමක් නොවේද?


නුඹලා එසේ කරන බැවින් දර්ශනයක් නැතුව නුඹලාට රෑවෙනවා ඇත; පේනකීමක් නැතුව නුඹලාට අන්ධකාරවෙනවා ඇත; අනාගතවක්තෘවරුන්ට ඉර බසිනවා ඇත, දවාලද ඔවුන්ට උඩින් කළුවරවෙනවා ඇත.


කලින් ලියා තිබෙන ලෙස දෙවියන්වහන්සේ අද දවස දක්වාම ඔවුන්ට නිදිමතකමේ ආත්මයක්ද නොපෙනෙන ඇස්ද නොඇසෙන කන්ද දුන්සේක.


නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබෙළන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.


මෙසේ දාවිත් සාවුල්ගේ හිස ළඟ තිබුණු හෙල්ලයත් වතුර භාජනයත් ගෙන අහක්ව ගියේය; ඒක කවුරුවත් දුටුවේ නැත, දැනගත්තෙත් නැත, කිසිවෙක් පිබිදුණෙත් නැත. සියල්ලෝම නිදාඋන්නෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් බර නින්දක් ඔවුන්ට පැමිණ තිබුණේය.


(පෙර කාලයේදී ඉශ්‍රායෙල්හි මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් විචාරන්ට යන විට: දිවස් ඇත්තා ළඟට යමුයයි කියන්නේය. මක්නිසාද දැන් අනාගතවක්තෘය කියන තැනැත්තාට පෙර කාලයේදී දිවස් ඇත්තායයි කීවෝය.)