Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 11:8 - Sinhala Revised Old Version

8 කලින් ලියා තිබෙන ලෙස දෙවියන්වහන්සේ අද දවස දක්වාම ඔවුන්ට නිදිමතකමේ ආත්මයක්ද නොපෙනෙන ඇස්ද නොඇසෙන කන්ද දුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති පරිදි: “දෙවියන් වහන්සේ අද දක්වා ම ඔවුන්ට උදාසීනකමක් ද, පෙනීමක් නැති ඇස් ද ඇසීමක් නැති කන් ද දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 මෙසේ ලියා ඇති පරිද්දෙනි: “දෙවියන්වහන්සේ ඔවුනට සිහිමුළා ආත්මයක් ද නො පෙනෙන ඇස් ද නෑසෙන කන් ද මේ අද දවස දක්වාම දුන් සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති පරිදි: “දෙවියන් වහන්සේ අද දක්වා ම ඔවුන්ට උදාසීනකමක් ද, පෙනීමක් නැති ඇස් ද ඇසීමක් නැති කන් ද දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 11:8
13 හුවමාරු යොමු  

එසේ නුමුත් දැනගැනීමට සිතක්ද දැකීමට ඇස්ද ඇසීමට කන්ද අද දවස දක්වා ස්වාමීන්වහන්සේ නුඹලාට නුදුන්සේක.


මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි නිදිමත භාවයක් වගුරුවා, අනාගතවක්තෘවරුන් වන නුඹලාගේ ඇස් පියෙවූසේක; දර්ශනකාරයන් වන නුඹලාගේ හිස්ද වැසූසේක.


මනුෂ්‍ය පුත්‍රය, නුඹ වාසයකරන්නේ කැරළිකාර වංශයක් අතරෙහිය, දැකීමට ඔවුන්ට ඇස් තිබෙන නුමුත් ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට ඔවුන්ට කන් තිබෙන නුමුත් ඔවුන්ට ඇසෙන්නේ නැත; මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්ය.


උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගැනීම නුඹලාට දී තිබේ. නුමුත් දකිමින්ම නොදක්නා පිණිසත් අසමින්ම තේරුම් නොගන්නා පිණිසත් සෙස්සන්ට උපමාවලින් කියනු ලැබේ.


මෝඩවූ තේරුම් නැත්තාවූ, ඇස් තිබෙන නුමුත් නොදකින්නාවූ, කන් තිබෙන නුමුත් නෑසෙන්නාවූ ජනයෙනි, මේක අසන්න:


එනම්: නුඹ මේ සෙනඟ ළඟට ගොස් කථාකොට–ඇසීමෙන් නුඹලා අසන නුමුත් කිසිසේත් තේරුම් නොගන්නහුය; දැකීමෙන් දකින නුමුත් කිසිසේත් නොපැහැදෙන්නහුය.


උන්වහන්සේ: නුඹ ගොස් මේ සෙනඟට කථාකොට-නුඹලා අසමින්ම තේරුම් නොගෙන දකිමින්ම දැන නොගෙන සිටින්නැයි කියන්න.


මෙසේ මේ ජාතීහු ස්වාමීන්වහන්සේ කෙරෙහි භය පවත්වමින් තමුන්ගේ රූපවලට සේවයකළෝය; එලෙසම ඔවුන්ගේ දරුවෝද දරුවන්ගේ දරුවෝද තමුන්ගේ පියවරුන් කළ හැටියට අද දක්වා කෙරෙති.


අද දක්වා ඔව්හු පළමු විධි ලෙස කෙරෙති. ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි භය අතුව නොසිටිති, තමුන්ගේම නියෝගද පනත්ද ලෙස නොකෙරෙති, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් යන නම තැබූ, යාකොබ්ගේ පුත්‍රයන්ට අණකළ උන්වහන්සේගේ ව්‍යවස්ථාවේද ආඥාවේද හැටියට නොකෙරෙති;


තවද මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නා පිණිස, මම ඔවුන් අසරණ භාවයට පමුණුවන්ට, ගර්භයේ ප්‍රථම ඵලවූ සියලු කුලුඳුලන් ගිනි මැදින් යැවීමෙන් ඔවුන් දුන් ඔවුන්ගේම පඬුරුවලදී ඔවුන් අපවිත්‍ර බව ප්‍රකාශකෙළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්