පිලිස්තිවරුන්ගෙන් සමහරෙක් යෙහෝෂාපාට්ට තෑගිද රිදීද කප්පන් පිණිස ගෙනාවෝය; අරාබිවරුත් බැටළුවන් හත්දාස් හත්සියයක්ද එළුවන් හත්දාස් හත්සියයක්ද යන සිවුපාවුන් ගෙනාවෝය.
යෙසායා 13:20 - Sinhala Revised Old Version එහි කවදාවත් වැසියෙක් නොවන්නේය, පරම්පරාවෙන් පරම්පරාවට කිසිවෙක් එහි නොවසන්නේය. අරාබියයා එහි තමාගේ කුඩාරම තබාගන්නේවත් එඬේරු තමුන්ගේ බැටළුවන් එහි ලග්ගවන්නේවත් නැත. Sinhala New Revised Version මින් මතු කවදාවත් එහි කිසිවෙක් නොවසන්නෝ ය. කිසිම අරාබි ජාතිකයෙකු තමාගේ කූඩාරම එහි ගසන්නේ වත්, කිසිම එඬේරෙකු තමාගේ බැටළුවන් එහි ලග්ගවන්නේ වත් නැත. Sinhala New Revised Version 2018 මින් මතු කවදාවත් එහි කිසිවෙක් නොවසන්නෝ ය. කිසිම අරාබි ජාතිකයෙකු තමාගේ කූඩාරම එහි ගසන්නේ වත්, කිසිම එඬේරෙකු තමාගේ බැටළුවන් එහි ලග්ගවන්නේ වත් නැත. |
පිලිස්තිවරුන්ගෙන් සමහරෙක් යෙහෝෂාපාට්ට තෑගිද රිදීද කප්පන් පිණිස ගෙනාවෝය; අරාබිවරුත් බැටළුවන් හත්දාස් හත්සියයක්ද එළුවන් හත්දාස් හත්සියයක්ද යන සිවුපාවුන් ගෙනාවෝය.
මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්ත, නුඹේ රැළට කවන්නේ කොහේද? ඉරමුදුන් වේලේ උන් ලග්ගවන්නේ කොහේද කියා මට දන්වන්න. නුඹේ යහළුවන්ගේ රැළවල් ළඟ මුහුණ වසාගත්තියෙකු මෙන් සිටින්ට ඕනෑ මන්ද?
මම ඒක ඉත්තෑවුන්ට උරුමයක්ද දිය පොකුණුද කරන්නෙමි. ඒක විනාශය නැමති මුස්නෙන් අතුගාදමන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
මුහුදු කාන්තාරය ගැන දිව්‍ය ප්‍රකාශනයය. දකුණු දිග සුළිහුළං ගසන්නාක්මෙන් ඒක භයානක දේශයක් වන කාන්තාරයෙන් එන්නේය.
එසේය, ඔබ නුවරක් පස් ගොඩකටද බලකොටු නුවරක් ජරාවාස ගොඩකටද විදේශීන්ගේ මාළිගාවක් නුවරක් නොවන ලෙසද හැරෙවුසේක; ඒක කවදාවත් ගොඩනගනු නොලබන්නේය.
උන්වහන්සේම උන් උදෙසා පසඇට දමා, තමන් අතින් එය ලනුවෙන් උන්ට බෙදාදුන්සේක. උන් එය සදාකාලයට හිමිකරගන පරම්පරාවෙන් පරම්පරාවට එහි වාසයකරනවා ඇත.
හාශෝර් වනාහි සිවලුන්ගේ වාසයක්ද සදාකාල පාළුවක්ද වන්නේය. කිසි මනුෂ්‍යයෙක් එහි වාසයකරන්නේවත් කිසි මනුෂ්‍ය පුත්‍රයෙක් එහි නැවතී සිටින්නේවත් නැත.
ස්වාමීන්වහන්සේගේ කෝපය නිසා ඒක වැසියෙක් නැතිව සහමුලින්ම පාළුවන්නේය. බබිලෝනිය ළඟින් යන සියල්ලෝම විස්මයට පත්ව ඇගේ සියලු විපත්තිවලට නින්දාකරන්නෝය.
මෙරාතයිම් දේශයටත් පෙකොඩ්හි වැසියන්ටත් විරුද්ධව නැගී ගොස් ඔවුන් මරා, පසුපස්සේ ගොස් නාස්තිකර, මා නුඹට අණකළ සියල්ල ලෙස කරන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මක්නිසාද ඈට විරුද්ධව උතුරු දිගින් ජාතියක් එන්නේය, ඔවුන් ඇගේ දේශය පාළුවක් කරනවා ඇත, කිසිවෙක් එහි නොවසන්නේය. මනුෂ්‍යයෝද මෘගයෝද දෙගොල්ලම පලාගියෝය, අහක්ව ගියෝය.
එබැවින් වනයේ සත්තුද වෘකයෝද එහි වසන්නෝය, පැස්බරුද එහි වාසයකරන්නෝය. එහි තවත් කවදාවත් වැසියෝ නොවන්නෝය; පරම්පරාවෙන් පරම්පරාවට කිසිවෙක් එහි නොවසන්නේය.
එබැවින් ස්වාමීන්වහන්සේ බබිලෝනියට විරුද්ධව කරගත් මන්ත්‍රණයද කල්දිවරුන්ගේ දේශයට විරුද්ධව කරගත් උන්වහන්සේගේ යෝජනාද අසන්න. සැබවින්ම ඔවුන් රැළේ කුඩා අය ඇදගන යනවා ඇත. සැබවින්ම උන්වහන්සේ ඔවුන්ගේ වාසස්ථානය ඔවුන් සමඟ පාළුකරනසේක.
එම්බා මුළු පොළොව නාස්තිකරන්නාවූ නාස්තිකාර කන්ද, මම නුඹට විරුද්ධයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට, පර්වතවලින් නුඹ පෙරළා දමා, දාලාගිය කන්දක් කරන්නෙමි.
දේශය චංචලවී වේදනා විඳියි. මක්නිසාද බබිලොන් දේශයෙහි වැසියෙක් නොසිටින හැටියට පාළුකිරීමට තිබෙන ස්වාමීන්වහන්සේගේ යෝජනා බබිලෝනියට විරුද්ධව ස්ථිරව තිබේ.
ඇගේ උල්පත් වියළවන්නෙමි. බබිලෝනිය වැසියෙක් නැතුව ජරාවාස ගොඩවල්ද සිවලුන්ගේ වාසයක්ද විස්මයක්ද කවටකමක්ද වන්නීය.
ඇගේ නුවරවල් පාළුවක්ද වියළි භූමියක්ද මරුකතරක්ද කිසි මනුෂ්‍යයෙක් වාසය නොකරන්නාවූ, කිසි මනුෂ්‍ය පුත්‍රයෙක් ගමන් නොකරන්නාවූ දේශයක්ද වී තිබේ.