Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 34:17 - Sinhala Revised Old Version

17 උන්වහන්සේම උන් උදෙසා පසඇට දමා, තමන් අතින් එය ලනුවෙන් උන්ට බෙදාදුන්සේක. උන් එය සදාකාලයට හිමිකරගන පරම්පරාවෙන් පරම්පරාවට එහි වාසයකරනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 දාදු දමා, දේශය ඔවුන් අතරේ බෙදා එකිනෙකාට කොටසක් දෙන්නේ සමිඳාණෝ ය. ඔවුන් එය සදාකාලයට ම උරුම කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට එහි වාසය කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 දාදු දමා, දේශය ඔවුන් අතරේ බෙදා එකිනෙකාට කොටසක් දෙන්නේ සමිඳාණෝ ය. ඔවුන් එය සදාකාලයට ම උරුම කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට එහි වාසය කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 34:17
11 හුවමාරු යොමු  

ඒක රෑ දාවල් නොනිවී තිබෙයි; ඒකේ දුම සෑමකල්ම නගින්නේය. පරම්පරාවෙන් පරම්පරාවට එය පාළුව තිබෙයි; සදාකාලයටම කිසිවෙක් ඒ මැදින් නොයන්නේය.


උන්වහන්සේ පිළියෙළකළ කාලවල්ද සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියමකොට, මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඔවුන් මැවූසේක.


නුඹ මා මතක නැතිකොට බොරුවක් කෙරෙහි විශ්වාසකළ නිසා මේක නුඹේ කොටසත් මා විසින් නුඹට මැනදෙන පංගුවත්යයි ස්වාමීන්වහන්සේ කියනසේක.


බලව, සවස් වේලේ භීතියක්ය; පහන්වන්ට පළමුවෙන් ඔව්හු නැත. අප නාස්තිකරන්නන්ගේ කොටසද අපෙන් කොල්ලකන්නන්ගේ විපාකයද ඒකය.


ඔවුන් ඉදිරියෙන් ජාතීන් එළවා, ලනුවෙන් ඔවුන්ට උරුමයක් බෙදාදී, ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්‍රායෙල් ගෝත්‍රයන් වාසයකෙරෙවුසේක.


ඒ මනුෂ්‍යයෝ පිටත්ව ගියෝය. යෝෂුවා දේශයේ සටහනක් ගැනීමට පිටත්ව යන අයට අණකරමින්: නුඹලා ගොස් ඒ දේශයෙහි ඇවිද ඒක සටහන්කරගන මා ළඟට හැරී එන්න, මම මෙහිදී ෂීලෝහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසා පස ඇට දමන්නෙමියි කීවේය.


උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශකොට, අවුරුදු හාරසිය පනහක් පමණ කාලයකට ඒ ජාතීන්ගේ දේශය උරුමයක් කොට ඔවුන්ට දුන්සේක.


ජාතීන් බොහෝ ජලවල ගර්ජනාව මෙන් ගර්ජනාකරන නුමුත් උන්වහන්සේ ඔවුන්ට සැරකරනසේක, ඔව්හු ඈතට පලාගොස් කඳුවල තිබෙන බොල් හුළඟටත් රොඩු සුළිහුළඟටත් ගහගනයන්නාක්මෙන් පන්නාදමනු ලබන්නෝය.


ඔටුමානාටත් ඉත්තෑවාටත් එය උරුමවන්නේය; බකමූණාද කපුටාද එහි වාසයකරති; ඒක පිට පාළුකම නැමති ලනුවද හිස්කම නැමති ලඹකැටයද අල්ලනු ලැබේ.


මක්නිසාද ස්වාමීන්වහන්සේගේ කොටස නම් ස්වකීය සෙනඟය; යාකොබ් උන්වහන්සේගේ උරුම කොටසය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්