Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 50:45 - Sinhala Revised Old Version

45 එබැවින් ස්වාමීන්වහන්සේ බබිලෝනියට විරුද්ධව කරගත් මන්ත්‍රණයද කල්දිවරුන්ගේ දේශයට විරුද්ධව කරගත් උන්වහන්සේගේ යෝජනාද අසන්න. සැබවින්ම ඔවුන් රැළේ කුඩා අය ඇදගන යනවා ඇත. සැබවින්ම උන්වහන්සේ ඔවුන්ගේ වාසස්ථානය ඔවුන් සමඟ පාළුකරනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

45 ඒ නිසා කල්දිවරුන්ගේ දේශය වන බබිලෝනියට විරුද්ධ ව මා යොදාගත් උපක්‍රම ද අදහස් කරගත් අරමුණු ද ගැන සවන් දෙන්න. සැබැවින් ම එහි සිටින කුඩා දරුවෝ පවා ඇදගෙන යනු ලබති. ඔවුන්ගේ ඉරණම ගැන සියලු දෙනා ම බියට පත් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

45 ඒ නිසා කල්දිවරුන්ගේ දේශය වන බබිලෝනියට විරුද්ධ ව මා යොදාගත් උපක්‍රම ද අදහස් කරගත් අරමුණු ද ගැන සවන් දෙන්න. සැබැවින් ම එහි සිටින කුඩා දරුවෝ පවා ඇදගෙන යනු ලබති. ඔවුන්ගේ ඉරණම ගැන සියලු දෙනා ම බියට පත් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 50:45
9 හුවමාරු යොමු  

එබැවින් ස්වාමීන්වහන්සේ ඒදොමට විරුද්ධව කරගත් මන්ත්‍රණයද තේමාන්හි වැසියන්ට විරුද්ධව කරගත් උන්වහන්සේගේ යෝජනාද අසන්න. සැබවින්ම ඔවුන් රැළේ කුඩා අය ඇදගන යනවා ඇත; සැබවින්ම උන්වහන්සේ ඔවුන්ගේ වාසස්ථානය ඔවුන් සමඟ පාළුකරනසේක.


එසේය, තමන්ගේ කැමැත්තේ මන්ත්‍රණය හැටියට සියල්ල සිද්ධකරන්නාවූ තැනැන්වහන්සේගේ නියමයේ ප්‍රකාරයට, අපි පෙර නියමකරනු ලැබ ක්‍රිස්තුස්වහන්සේ තුළ උරුමයක්වී සිටිමුව.


ඔබ ආලේපකළ ඔබගේ ශුද්ධ සේවකවූ යේසුස්වහන්සේට විරුද්ධව සැබවින් හෙරොද්ද පොන්තියුස් පිලාත්ද අන්‍ය ජාතීන් හා ඉශ්‍රායෙල් සෙනඟ සමඟ මේ නුවර රැස්වූවෝය.


මක්නිසාද නුඹලාට විරුද්ධව යුද්ධකරන කල්දිවරුන්ගේ මුළු සේනාවට නුඹලා විසින් පහරදී, සැර තුවාල ලත් මනුෂ්‍යයන් පමණක් එක එකා තම තමාගේ කූඩාරමෙහි ඔවුන්ගෙන් ඉතුරුවුණත්, ඔවුන් නැගිට මේ නුවර ගින්නෙන් දවාදමනවා ඇත යනුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්