ඔහුගේ රාජ්‍යයේ පටන්ගැන්ම නම්: ෂිනාර් දේශයෙහි පිහිටි බාබෙල්, එරෙක්, අක්කද් සහ කල්නේය.
යෙසායා 11:11 - Sinhala Revised Old Version තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ අෂූරෙන්ද මිසරයෙන්ද පත්‍රෝසෙන්ද කූෂ් රටෙන්ද ඒලාමෙන්ද ෂිනාරෙන්ද හමාතෙන්ද මුහුදේ දිවයින්වලින්ද ඉතිරිවන්නාවූ ස්වකීය සෙනඟ මුදාගන්ට දෙවෙනි වර තමන් අත දිගුකරනසේක. Sinhala New Revised Version ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්‍රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක. Sinhala New Revised Version 2018 ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්‍රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක. |
ඔහුගේ රාජ්‍යයේ පටන්ගැන්ම නම්: ෂිනාර් දේශයෙහි පිහිටි බාබෙල්, එරෙක්, අක්කද් සහ කල්නේය.
තවද ඔව්හු නැගෙනහිර දිසාවට ගමන්කරන අතර ෂිනාර් නම් දේශයෙහි සමභූමියක් සම්බවී එහි වාසය කළෝය.
ෂිනාර්හි රජවූ අම්රාඵෙල්ගේද එල්ලාසාර්හි රජවූ අරියොක්ගේද ඒලාම්හි රජවූ කෙදොර්-ලායොමෙර්ගේද ජාතීන්ගේ රජවූ තිදාල්ගේද දවස්වලදී,
අෂූර්හි රජ බබිලෝනියෙන්ද කූතාවෙන්ද අව්වායෙන්ද හමාතෙන්ද සෙපර්වයිමෙන්ද මිනිසුන් ගෙනවුත් ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙනුවට සමාරියේ නුවරවල පදිංචිකෙරෙවුවේය. ඔව්හු සමාරිය හිමිකරගෙන එහි නුවරවල වාසයකළෝය.
සේනාවල ස්වාමීන්වහන්සේ අපට ස්වල්ප දෙනෙක් ඉතුරුකර නුදුන්සේක් නම් අපි සොදොම මෙන් වී ගොමොරාවටද සමානවන්නෙමුව.
ඒ දවසෙහි ඉශ්‍රායෙල්ගෙන් ඉතිරිවන්නාවූ, යාකොබ්ගේ වංශයෙන් ගැළවෙන්නාවූ අය තමුන්ට පහරදුන් අය කෙරෙහි තවත් පිහිටා නොසිට, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙහි සැබෑකමින් පිහිටා සිටිනවා ඇත.
ඉශ්‍රායෙල් මිසර දේශයෙන් ආ දවසේදී මෙන් අෂූරෙන් ඉතුරුවන්නාවූ උන්වහන්සේගේ සෙනඟට මහ මාවතක් වන්නේය.
ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට ප්‍රකාශවනසේක, මිසරවරු ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ඇඳිනගන යාගවලින්ද ආහාර පූජාවලින්ද නමස්කාරකරන්නෝය, ස්වාමීන්වහන්සේට භාරයක් වී එය ඉෂ්ටකරන්නෝය.
මෙසේ ස්වාමීන්වහන්සේ මිසරයට පහරදෙනසේක, පහරදී සුවකරනසේක; ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතට හැරෙනවා ඇත, උන්වහන්සේද ඔවුන්ගේ කන්නලව්ව පිළිගෙන, ඔවුන් සුවපත්කරනවා ඇත.
දුඃඛිත දර්ශනයක් මට ප්‍රකාශකරනලද්දේය; වංචාකාරයා වංචාකරන්නේය, නාස්තිකාරයා නාස්තිකරන්නේය. එම්බා ඒලාම්, නැගී යන්න; එම්බා මේදිය, වටලාගන්න; එහි සියලුම සුසුම්ලෑම් නැවැත්වීමි.
එබැවින් නැගෙනහිර දිසාවලදී ස්වාමීන්වහන්සේටත් මුහුදේ දිවයින්වලදී ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයටත් ගෞරවකරන්න.
මුහුදට බැසයන්නෙනි, එහි පිරී සිටින සියල්ලෙනි, දිවයින් හා එහි වැසියෙනි, ස්වාමීන්වහන්සේට අලුත් ගීතිකාවක් ද පොළෝ සීමාවේ සිට උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනාකරන්න.
පොළොවෙහි විනිශ්චය පිහිටුවන තුරු ඔහු දුර්වල නොවන්නේය, අධෛර්ය නොවන්නේය. ද්වීපයෝ ඔහුගේ ව්‍යවස්ථාව ගැන බලා සිටින්නෝය.
ස්වාමීන්වහන්සේ කියනසේක්: මිසරයේ සම්පත්ද කූෂ්හි ලාභයද උස ඇති මනුෂ්‍යයෝවූ ෂෙබාවරුද නුඹ වෙතට පැමිණ නුඹට අයිතිවන්නෝය; ඔව්හු නුඹ පස්සේ එන්නෝය; ඔව්හු දම්වැල් සහිතව නුඹ වෙතට පැමිණ නුඹට වැඳ: සැබවින්ම නුඹ වෙත දෙවියන්වහන්සේ සිටිනසේක; උන්වහන්සේ ඇර අන් දෙවිකෙනෙක් ඇත්තේම නැතැයි කියමින් නුඹට කන්නලව්කරන්නෝයයි කියනසේක.
බලව, සමහරෙක් දුරින් එන්නෝය. බලව, සමහරෙක් උතුරෙන් හා බස්නාහිරෙන්ද සමහරෙක් සීන්වරුන්ගේ දේශයෙන්ද එන්නෝය.
මම ඔවුන් අතරේ ලකුණක් තබා, ඔවුන්ගෙන් ගැළවීයන අය මාගේ කීර්තිය නෑසුවාවූ, මාගේ තේජස නුදුටුවාවූ දුරස්තර ද්වීපයන් වන තර්ෂිෂ්හිද පූල්හිද දුනුවායන් සිටින ලූද්හිද තුබල්හිද යාවාන්හිද සිටින ජාතීන් වෙතට යවන්නෙමි; ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස දන්වනවා ඇත.
එම්බා ජාතීනි, ස්වාමීන්වහන්සේගේ වචන අසා, දුරස්තර දිවයින්වල දන්වමින් ඉශ්‍රායෙල්වරුන් විසිරෙවු තැනන්වහන්සේ ඔවුන් රැස්කර, එඬේරා තමාගේ රැළ ආරක්ෂාකරන්නැයි ඔවුන් ආරක්ෂාකරනසේකැයි කියන්න.
මිසර දේශයේ මිග්දොල්හිද තාපන්හේස්හිද නොප්හිද පත්‍රෝස් දේශයෙහිද වාසයකළ සියලු යුදෙව්වරුන් ගැන යෙරෙමියා වෙතට පැමිණි වචනයය.
දමස්කය ගැනය. හමාත්ද අර්පාද්ද ලජ්ජාවට පැමුණුණෝය; මක්නිසාද ඔව්හු නරක ආරංචියක් අසා දියවී ගියෝය. මුහුද පිට චංචලය ඇත්තේය; ඊට නිශ්චලවෙන්ට බැරිය.
බාෂාන්හි අලෝන ලීවලින් නුඹේ හබල් සෑදුවෝය; නුඹේ ආසන කිත්තිවරුන්ගේ ද්වීපවලින් ගෙනා තසූර් ලීවලින් සාදා ඇත්දත් ගිල්ලෙවුවෝය.
මම මිසරවරුන්ගේ වහල්කම පහකර, ඔවුන්ගේ ජන්ම දේශයවූ පත්‍රොස් දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි; ඔවුන් වනාහි එහි පහත් රාජ්‍යයක්ව සිටිනවා ඇත.
එහි ඒලාම් සහ ඇගේ මිනීවළ වටකර ඇගේ මුළු සමූහයාද සිටිති. ඔවුන් සියල්ලෝම කඩුවෙන් වැටී මැරුම්කෑවෝය, ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි භීතිය ඉපදෙවූ ඔව්හු අචර්මඡේදිතව පොළොවේ පහත් තැන්වලට බැස ගියෝය; ඔව්හුද මිනීවළට බසින්නන් සමඟ තමුන්ගේ නින්දාව දරා සිටිති.
බොහෝ දවස් ගිය පසු නුඹ ප්‍රධානකමට පත්වී, කඩුවෙන් මිදී තිබෙන දේශයකට මතු අවුරුදුවලදී එනවා ඇත. එහි වැසියෝ බොහෝ ජනයන් අතරෙන් ඉශ්‍රායෙල් කඳුවලට රැස්කරනු ලැබුවෝය. ඒවා නිතරම පාළුවක්ව තිබෙන නුමුත්, ඔවුන් ජනයන් අතරෙන් ගෙන්වනු ලැබ, සියල්ලෝම නිසැකව (එහි) වාසය කරති.
ස්වාමීන්වහන්සේද යූදාහි රජවූ යෙහෝයාකීම් සහ දෙවියන්වහන්සේගේ ගෘහයේ බඩුවලින් කොටසක් ඔහු අතට දුන්සේක; ඔහු ඒවා ෂීනාර් දේශයේ තමාගේ දෙවියන්ගේ ගෘහයට ගෙනැවිත්, ඒ බඩු තමාගේ දෙවියන්ගේ භාණ්ඩාගාරයෙහි තැබුයේය.
තවද ඔහු තමාගේ මුහුණ ද්වීප දෙසට හරවා, බොහෝ ද්වීප අල්වාගන්නේය. නුමුත් අධිපතියෙක් ඔහු විසින් කරන නින්දාව නවත්වනවාත් ඇර, ඔහු කළ නින්දාව ඔහු පිටට හරවන්නේය.
දර්ශනයෙන් මෙසේ දුටුවෙමි; දකින විට මම ඒලාම් පළාතෙහි තිබෙන ෂූසන් මාළිගාවෙහි සිටියෙමි; ඌලයි ගංගාව ළඟ මා සිටින බව දර්ශනයෙන් දුටිමි.
යූදා පුත්‍රයෝද ඉශ්‍රායෙල් පුත්‍රයෝද එක්ව රැස්වී, තමුන්ට එක ප්‍රධානියෙකු පත්කරගන, (වහල්කමේ) දේශයේ සිට නැගී එන්නෝය. මක්නිසාද යෙස්‍රෙයෙල්හි දවස මහත් වන්නේය.
මම නුවරට ඇතුල් නොවන්නෙමි. ස්වාමීන්වහන්සේ සිංහයෙකු මෙන් ගොරවන කල, ඔව්හු උන්වහන්සේ පස්සේ යන්නෝය. මක්නිසාද උන්වහන්සේ ගොරවනසේක, දරුවෝද වෙවුලමින් බස්නාහිර සිට එන්නෝය.
ඔව්හු ගේකුරුල්ලෙකු මෙන් මිසරයෙන්ද පරෙවියෙකු මෙන් අෂූර් දේශයෙන්ද වෙවුලමින් එන්නෝය. මම ඔවුන්ගේ ගෙවල්වල ඔවුන් වාසයකරවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඒ කාලයෙහි අෂූර් කෙරෙන්ද මිසරයේ නුවරවලින්ද මිසරයේ පටන් ගංගාව දක්වාද මුහුදෙන් මුහුදටද කන්දෙන් කන්දටද තිබෙන පළාත්වලින් මිනිසුන් නුඹ ළඟට එනවා ඇත.
ඔවුන් කෙරෙහි ස්වාමීන්වහන්සේ භයංකරව සිටිනසේක. මක්නිසාද උන්වහන්සේ පොළොවේ සියලුම දෙවිවරුන් ක්ෂයකරනසේක; ජාතීන්ගේ සියලුම ද්වීපවල වැසියෝද තම තමුන්ගේ ස්ථානවල සිට උන්වහන්සේට නමස්කාර කරන්නෝය.
ෂීනාර් දේශයේ ඈට ගෙයක් ගොඩනගන්ටය. ඒක පිහිටෙවු කල්හි ඈ එහි ඇගේම ඉඩමෙහි සිටුවනු ලබන්නීයයි ඔහු මට කීය.
බලව, මම මාගේ සෙනඟ නැගෙනහිර දේශයෙන්ද බස්නාහිර දේශයෙන්ද මුදා, ඔවුන් යෙරුසලම තුළ වාසයකරන පිණිස ඔවුන් ගෙනෙන්නෙමි;
මක්නිසාද ඔවුන් අත්හැරදැමීම ලෝකයා සමඟිකිරීම නම්, ඔවුන් පිළිගැනීම මළවුන් කෙරෙන් ජීවනය මිස වෙන කුමක්ද?
මේ ආකාරයෙන් මුළු ඉශ්‍රායෙල් ගළවනු ලබන්නේය. ඒ හැටියට, සියොන්හි සිට ගැළවුම්කාරයාණෝ එනසේක; උන්වහන්සේ යාකොබ්ගෙන් අභක්තිය දුරුකරනසේක.
නුමුත් මොවුන් ඔබගේ මහත් බලයෙන්ද දිගු කළ ඔබගේ බාහුවෙන්ද ඔබ විසින් පිටතට ගෙනාවාවූ ඔබගේ සෙනඟත් ඔබගේ උරුමයත්යයි කීවෙමි.