නුඹලා වනාහි මට නපුර කරන්ට අදහස්කළහුය; එහෙත් බොහෝ සෙනඟ දිවි සහිතව රක්ෂාකරන පිණිස අද තිබෙන ප්‍රකාර ඉෂ්ටකිරීමට දෙවියන්වහන්සේ ඒක යහපතට අදහස්කළසේක.
යෙසායා 10:7 - Sinhala Revised Old Version නුමුත් ඔහු එසේ අදහස්කරන්නේවත් ඔහුගේ සිතින් එසේ සිතන්නේවත් නැත; ස්වල්ප ගණනක් නොවන ජාතීන් විනාශකරන්ටද සිඳදමන්ටද ඔහුගේ සිතෙහි තිබේ. Sinhala New Revised Version එහෙත්, අසිරියාවේ රජුගේ සිතේ වෙන ම සාහසික අදහසක් ඇත. බොහෝ ජාතීන් විනාශ කිරීමට ඔහු අධිෂ්ඨාන කර ඇත. Sinhala New Revised Version 2018 එහෙත්, අසිරියාවේ රජුගේ සිතේ වෙන ම සාහසික අදහසක් ඇත. බොහෝ ජාතීන් විනාශ කිරීමට ඔහු අධිෂ්ඨාන කර ඇත. |
නුඹලා වනාහි මට නපුර කරන්ට අදහස්කළහුය; එහෙත් බොහෝ සෙනඟ දිවි සහිතව රක්ෂාකරන පිණිස අද තිබෙන ප්‍රකාර ඉෂ්ටකිරීමට දෙවියන්වහන්සේ ඒක යහපතට අදහස්කළසේක.
කල්දිවරුන්ගේ දේශය බලනු; ඒ සෙනඟ තවත් නැත. අෂූර්වරුන් විසින් ඒක වන මෘගයන්ට නියමකරනලද්දේය. ඔව්හු තමුන්ගේ බලකොටු ගොඩනගා, එහි මාළිගාවල් නාස්තිකරදමා, එය ජරාවාසයක් කළෝය.
ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑය. මක්නිසාද ඒවා දෙවිවරු නොව මනුෂ්‍යයන්ගේ හස්තකර්මාන්තවූ ලී සහ ගල්ව තිබුණේය. ඒ නිසා ඔව්හු ඒවා විනාශකළෝය.
ලබාගැනීමට ඔහු වැඩකළාවූ ඔහුගේ විපාකය කොට මිසර දේශය මම ඔහුට දුනිමි. මක්නිසාද ඔව්හු ඒ වැඩ මා උදෙසා කළෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
ඒ සමූහයා අල්වාගත්තාම ඔහුගේ සිත උසස්වන්නේය. මෙසේ ඔහු දස දහස් ගණන් අය හෙළාදමන නුමුත් ජය නොගන්නේය.
ස්වාමීන්වහන්සේට විරුද්ධව නපුර යෝජනාකරන්නාවූ, දුෂ්ටකම් ගැන මන්ත්‍රණයකරන්නාවූ කෙනෙක් නුඹෙන් නික්ම ආයේය.
දෙවියන්වහන්සේගේ නියමවූ මන්ත්‍රණය සහ පෙරදැනගැන්ම ලෙස භාරදෙනලදුව, නුඹලා ව්‍යවස්ථාව නොසලකන අය ලවා කුරුසියෙහි ඇණගස්වා මැරවුවහුය.
නුමුත් දෙවියන්වහන්සේ මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදා නැගිටෙවුසේක. කුමක්හෙයින්ද උන්වහන්සේ නවතාගන සිටින්ට මරණයට නුපුළුවන් විය.