Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නාහුම් 1:11 - Sinhala Revised Old Version

11 ස්වාමීන්වහන්සේට විරුද්ධව නපුර යෝජනාකරන්නාවූ, දුෂ්ටකම් ගැන මන්ත්‍රණයකරන්නාවූ කෙනෙක් නුඹෙන් නික්ම ආයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කූට උපායයන් සිතාමතාගත්, දුෂ්ට කුමන්ත්‍රණ යොදාගත් කෙනෙක් නිනිවයෙන් නික්ම ආයේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කූට උපායයන් සිතාමතාගත්, දුෂ්ට කුමන්ත්‍රණ යොදාගත් කෙනෙක් නිනිවයෙන් නික්ම ආයේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නාහුම් 1:11
11 හුවමාරු යොමු  

[අෂූර්වරුනි,] නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කුමක් යෝජනාකරන්නහුද? උන්වහන්සේ මුළුමනින්ම තීන්දුවක් කරනසේක. විපත්තිය දෙවරක් නොපැමිණෙන්නේය.


කමකට නැති දුර්ජනයෝවූ මනුෂ්‍යයෝ ඔහුට එකතුව සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම්ට විරුද්ධව තමුන්ම සවිකරගත්තෝය, ඔහු බාලව සිතින් මෘදුව සිටි බැවින් ඔවුන්ට විරුද්ධව සිටින්ට ඔහුට බැරිවුණේය.


ස්වාමීන්වහන්සේ සැබවින් අප ගළවාගන්නසේකැයි කියාද මේ නුවර අෂූර්හි රජු අතට අසුවෙන්නේ නැත කියාද ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලා විශ්වාසකරවන්ටත් ඉඩනාරින්න.


බෙන්යමියයෙක්වූ බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා නම්වූ දුර්ජන මනුෂ්‍යයෙක් එහි සිටියේය. ඔහු හොරණෑව පිඹ: දාවිත් තුළ කොටසක්වත් යෙස්සේගේ පුත්‍රයා තුළ කිසි උරුමයක්වත් අපට නැත. ඉශ්‍රායෙල්වරුනි, ඒ ඒ මනුෂ්‍යයා තම තමාගේ කූඩාරම්වලට යේවයි කීය.


ඒලීගේ පුත්‍රයෝ වනාහි දුර්ජනයෝ වූවෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ හැඳිනගන නොසිටියෝය.


උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, මේ නුවර දුෂ්ටකම් යෝජනාකරන්නාවූ, නපුරු මන්ත්‍රණ යොදන්නාවූ මනුෂ්‍යයෝ මොව්හුය.


තමුන්ගේ යහන්වලදී අපරාධ යොදා නපුර පිළියෙළකරන්නන්ට දුක්වේ! පසුවදා එළිවෙන කොට ඔවුන්ගේ අතට බලය ලැබෙන නිසා ඔව්හු ඒක ඉෂ්ටකරති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්