ඉශ්‍රායෙල් රජවූ පෙකාගේ කාලයේදී අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් ඇවිත් ඊයෝන්ද ආබෙල්-බෙත්-මයකාද යනෝවාද කෙදෙෂ්ද හාශෝර්ද ගිලියද්ද ගලීලයද එනම් මුළු නප්තලී දේශයද අල්ලාගෙන දේශවාසීන් අෂූර්ට ගෙන ගියේය.
යෙසායා 10:13 - Sinhala Revised Old Version මක්නිසාද ඔහු කථාකොට: මා ඒක කළේ මාගේ අතේ සවියෙනුත් මාගේ ප්‍රඥාවෙනුත්ය. මට නුවණ ඇත්තේය. මම ජනයන්ගේ සීමා පහකෙළෙමි, ඔවුන්ගේ සම්පත්ද පැහැරගෙන, සිංහාසන පිට උන් අය බලවන්තයෙකු මෙන් හෙළාදැමීමි. Sinhala New Revised Version ඔහු මෙසේ කියයි: “මා මේ සියල්ල කෙළේ, මාගේ ම බලයෙනුත්, ප්‍රඥාවෙනුත්, දක්ෂකමෙනුත් ය. මම ජාතීන් වෙන් කරන සීමා මකා හැරියෙමි. ඔවුන්ගේ සම්පත් ද පැහැරගෙන බලවතෙකු මෙන් මම ඒවායේ වැසියන් පාගාදැමීමි. Sinhala New Revised Version 2018 ඔහු මෙසේ කියයි: “මා මේ සියල්ල කෙළේ, මාගේ ම බලයෙනුත්, ප්‍රඥාවෙනුත්, දක්ෂකමෙනුත් ය. මම ජාතීන් වෙන් කරන සීමා මකා හැරියෙමි. ඔවුන්ගේ සම්පත් ද පැහැරගෙන බලවතෙකු මෙන් මම ඒවායේ වැසියන් පාගාදැමීමි. |
ඉශ්‍රායෙල් රජවූ පෙකාගේ කාලයේදී අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් ඇවිත් ඊයෝන්ද ආබෙල්-බෙත්-මයකාද යනෝවාද කෙදෙෂ්ද හාශෝර්ද ගිලියද්ද ගලීලයද එනම් මුළු නප්තලී දේශයද අල්ලාගෙන දේශවාසීන් අෂූර්ට ගෙන ගියේය.
තවද ආහාස් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිත් රජගෙදර ගබඩාවලත් තිබුණු රන් රිදී රැගෙන අෂූර්හි රජුට තෑග්ගක් කොට ඇරියේය.
අෂූර්හි රජ බබිලෝනියෙන්ද කූතාවෙන්ද අව්වායෙන්ද හමාතෙන්ද සෙපර්වයිමෙන්ද මිනිසුන් ගෙනවුත් ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙනුවට සමාරියේ නුවරවල පදිංචිකෙරෙවුවේය. ඔව්හු සමාරිය හිමිකරගෙන එහි නුවරවල වාසයකළෝය.
තවද හෝෂෙයාගේ නවවෙනි අවුරුද්දේ අෂූර්හි රජ සමාරිය අල්ලාගන ඉශ්‍රායෙල්වරුන් අෂූර්ට ගෙනගොස් හලාහිද ගෝසාන් ගංගාව වන හාබොර් ළඟද මේදවරුන්ගේ නුවරවලද පදිංචි කෙරෙවුවේය.
අෂූර්හි රජද ඉශ්‍රායෙල්වරුන් අෂූර්ට ගෙනගොස් හලාහිද ගෝෂාන්හි ගංගාව වන හාබොර් ළඟද මේදවරුන්ගේ නුවරවලද පදිංචිකෙරෙවුවේය.
නුඹලා එකිනෙකාට තම තමාගේ මුද්‍රික වැලෙන්ද තම තමාගේ අත්තික්කා ගසෙන්ද කන්ටත් තම තමාගේ ළිඳේ වතුර බොන්ටත් පුළුවන. මෙසේ නුඹලා නොනැසී ජීවත්වන්නහුය. ස්වාමීන්වහන්සේ අප ගළවාගන්නවා ඇත කියා හෙසකියා නුඹලා පොළඹවන කල ඔහුට ඇහුම්කන් නොදෙන්න.
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේද අෂූර්හි රජවූ පූල්ගේ සිතත් අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නෙසෙර්ගේ සිතත් පොළඹවා, ඔවුන් එනම් රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ගෙන ගොස්, හලාටත් හාබෝර්ටත් හාරාටත් ගෝසාන්හි ගංගාව ළඟටත් පැමිණෙවුසේක, ඔව්හු අද දක්වා එහි සිටිති.
වස්තුකාරයා තෙමේ ප්‍රඥාවතෙකැයි සිතන්නේය; එහෙත් තේරුම් ඇති දිළින්දා ඔහු සොයා බලා තේරුම්ගනියි.
මිසරය නයිල් ගංගාව මෙන් ගලයි, එහි ජලධාරාවෝ ගංගාවල මෙන් රැළ ගසති. මම නැගී ගොස් දේශය වසාගෙන නුවරවල්ද එහි වැසියන්ද විනාශකරන්නෙමියි ඔහු කියන්නේය.
ස්වාමිවූ දෙවියන්වහන්සේගේ වචනය අසන්න; ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ ශුද්ධස්ථානය කෙලහුණු නිසා ඊට විරුද්ධවද ඉශ්‍රායෙල් රට පාළුවී තිබෙන නිසා ඊට විරුද්ධවද යූදා වංශය වහල්කමට ගිය නිසා ඔවුන්ට විරුද්ධවද නුඹ ඔහෝයයි කී බැවින්,
මනුෂ්‍ය පුත්‍රය, තීර් යෙරුසලමට විරුද්ධව කථාකොට–ඔහෝ, ජනයන්ගේ දොරටුව වන ඈ කඩා දමනු ලැබුවාය. එය මා දෙසට ඇරී තිබෙයි. ඈ පාළුකරනු ලැබ සිටින නිසා මට පූර්ණකම ඇතිවන්නේයයි කී බැවින්,
නුඹ කථාකොට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–තමාගේ ගංගාවල් මැද ලගින්නාවූ, මාගේ ගංගාව මාගේමය කියාත් මම්ම ඒක සාදාගත්තෙමියි කියාත් කියන්නාවූ මහ කිඹුලා වන මිසරයේ ඵාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධයෙමි.
නුඹලාගේ මුඛයෙන් නුඹලා මට විරුද්ධව ගරුකම් කියා මට විරුද්ධව නුඹලාගේ වචන වැඩිකළහුය. මම ඒක ඇසීමි.
එබැවින්, රජ්ජුරුවෙනි, මාගේ දැනමුතුකමට ප්‍රසන්නවී, ධර්මිෂ්ඨකම්කිරීමෙන් ඔබගේ පාපද දිළිඳුන්ට කරුණාකිරීමෙන් ඔබගේ අපරාධද පහකළ මැනව; එසේ කිරීමෙන් සමහරවිට ඔබගේ සමාදානය පවතින්ට පුළුවනැයි කීවේය.
තවද රජ කථාකොට: මේ වනාහි රාජ ගෘහයක් කොටද මාගේ මහිමශ්‍රීයේ ගෞරවය උදෙසාද මාගේ බලපරාක්‍රමයෙන් මා විසින් ගොඩනැගූ මහත් බබිලෝනිය නොවේදැයි කීවේය.
ඒ නිසා දමස්කයෙන් එපිටට වහල්කමට නුඹලා යවන්නෙමියි සේනාවල දෙවියන්වහන්සේ නම්වූ ස්වාමීන්වහන්සේ කියනසේක.
අශ්වයන් පර්වත පිට දුවන්ටවත් එහි ගොනුන්ගෙන් හාන්ටවත් පුළුවන්ද? එහෙත් නුඹලා යුක්තිය තික්තකමටත් ධර්මිෂ්ඨකමේ ඵල කොසඹවලටත් හරවා තිබේ.
එකල තමුන්ගේ බලය ස්වකීය දෙවියන් කොට ගත් ඔව්හු හුළඟක් මෙන් ගහගන ගොස් පහවන්නෝය, වරදකාරද වන්නෝය.
එබැවින් ඔහු තමාගේ දැලට පූජා ඔප්පුකොට, තමාගේ අතංගුවට සුවඳ දුම් දමන්නේය; මක්නිසාද ඒවායින්ම ඔහුගේ කොටස තරවී, ඔහුගේ ආහාර පුෂ්ටිමත්ව තිබේ.
ඔවුන් සියල්ලෝම ඔහුට විරුද්ධව උපමාවක් සහ නින්දාකරන උපහැරණයක් නොකියද්ද? එනම්: තමාට අයිති නැතිදේ වැඩිකරගන්නාවූ, උකස් බඩු තමා පිට පටවාගන්නාවූ අයට දුක්වේ! කොපමණ කල්ද?
මාගේ බල පුළුවන්කමෙනුත් මාගේ බාහු ශක්තියෙනුත් මේ වස්තුව ලද්දෙමියි නුඹේ සිතින් නොකියන හැටියටද බලාගන්න.
එවිට ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට කථාකොට: නුඹ සමඟ සිටින සෙනඟ වැඩිය, මා විසින් ඔවුන් අතට මිදියන්වරුන් පාවාදුන්නොත් ඉශ්‍රායෙල් මට විරුද්ධව අහංකාරවී–අපේ අත අප ගැළෙවුවේයයි කියනවා ඇත.