මාගේ පිටත්ව යාමෙන් පසු රැළට අනුකම්පා නොකරන රෞද්‍රවූ වෘකයන් නුඹලා අතරට පැමිණෙන බව දනිමි;
යූද් 1:18 - Sinhala Revised Old Version එනම්: අන්තිම කාලයෙහිදී තමුන්ගේ අභක්තික තෘෂ්ණාවල හැටියට හැසිරෙන සරදම්කරන්නන් සිටිනවා ඇතැයි ඔවුන් නුඹලාට කී හැටි සිහිකරන්න. Sinhala New Revised Version “අන්තිම දවස්වල දී, ආගමට ගරහමින් තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන අය පැමිණෙනු ඇතැ”යි ඔව්හු කී හ. සිංහල කාලීන පරිවර්තනය ඔවුන් ඔබට පැවසුවේ, “තමන්ගේ අභක්තික තෘෂ්ණා අනුව යන ගරහන්නන් අවසන් දවස්හි පැමිණෙනු ඇත” කියා ය. Sinhala New Revised Version 2018 “අන්තිම දවස්වල දී, ආගමට ගරහමින් තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන අය පැමිණෙනු ඇතැ”යි ඔව්හු කී හ. |
මාගේ පිටත්ව යාමෙන් පසු රැළට අනුකම්පා නොකරන රෞද්‍රවූ වෘකයන් නුඹලා අතරට පැමිණෙන බව දනිමි;
මක්නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොඉවසා, කසන කන් ඇතුව, තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස්කරගෙන,
නුමුත් සෙනඟ අතරේ බොරු ප්‍රොපේතවරුද සිටියෝය, එලෙසම විනාශක ධර්මභේද රහසින් උපදවමින්ද තමුන්ම මිලේටගත් ආචාරීන්වහන්සේව එපාකරමින්ද තමුන් පිටට ශීඝ්‍ර විනාශය පමුණුවාගන්නාවූ බොරු ගුරුවරු නුඹලා අතරෙන් වන්නෝය.
දඬුවම යටතේ විනිශ්චය දවස දක්වා තබන්ටත් ස්වාමීන්වහන්සේ දන්නාසේක. භය නැත්තාවූ හිතුවක්කාරවූ මොව්හු උත්තමයන්ට නින්දාකරන්ට තැති නොගනිති.
මොව්හු මැසිවිලි කියන්නෝය, කොඳුරන්නෝය, තමුන්ගේ තෘෂ්ණාවල් අනුව හැසිරෙන්නෝය, (ඔවුන්ගේ කටින් මහත් උඩඟු වචන කියමින්,) ප්‍රයෝජනය පිණිස මනුෂ්‍යයන්ගේ තරාතිරම් සලකන්නෝය.
මක්නිසාද පුරාණ කාලයේදී මේ දඬුවමට නියමකොට තැබුවාවූද, අභක්තිකවූද, අපගේ දෙවියන්වහන්සේගේ කරුණාව සල්ලාලකමට හරවාගන්නාවූද, අපගේ එකම අධිපතිවූ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එපාකරන්නාවූද මනුෂ්‍යයන් වගයක් රහසින් ඇතුල්වී සිටිති.