Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යූද් 1:18 - Sinhala New Revised Version

18 “අන්තිම දවස්වල දී, ආගමට ගරහමින් තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන අය පැමිණෙනු ඇතැ”යි ඔව්හු කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 ඔවුන් ඔබට පැවසුවේ, “තමන්ගේ අභක්තික තෘෂ්ණා අනුව යන ගරහන්නන් අවසන් දවස්හි පැමිණෙනු ඇත” කියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 “අන්තිම දවස්වල දී, ආගමට ගරහමින් තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන අය පැමිණෙනු ඇතැ”යි ඔව්හු කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 එනම්: අන්තිම කාලයෙහිදී තමුන්ගේ අභක්තික තෘෂ්ණාවල හැටියට හැසිරෙන සරදම්කරන්නන් සිටිනවා ඇතැයි ඔවුන් නුඹලාට කී හැටි සිහිකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යූද් 1:18
11 හුවමාරු යොමු  

මෙය පළමුකොට දැනගන්න; අන්තිම දවස්වල දී තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන, ඔබට සරදම් කරන ගරහන්නන් පැමිණ මෙසේ කියනු ඇත.


මන්ද, සාර ධර්මය නොතකා, තමන් රිසි රිසි දෙය ඇසීමේ ආශාවෙන් ගුරුවරුන් රැස්කරගන්නා කාලයක් පැමිණෙන්නේ ය.


එහෙත් නපුරු මිනිස්සු ප්‍රයෝගයෙන් අනුන් රවටා, තමන් ද රැවටී, වැඩි වැඩියෙන් නරක් වන්නෝ ය.


පෙර කාලයේ ජනතාව අතර බොරු දිවැසිවරුන් පහළ වූවාක් මෙන් ඔබ අතර බොරු ගුරුවරුන් පහළ වනු ඇත. ඔව්හු විනාශකාරී අසත්‍ය ධර්ම උපදවමින්, තමන් මිදූ සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරමින්, තමන් පිට හදිසි විනාශය පමුණුවාගන්නෝ ය.


මා ගියායින් පසු, රැළට අනුකම්පා නොකරන, රෞද්‍ර වෘකයන් ඔබ අතරට පැමිණෙන බව දනිමි.


මොවුහු මැසිවිලි කියති, කොඳුරති, සිය තෘෂ්ණා අනුව හැසිරෙති. ඔවුන්ගේ මුඛයෙන් අහංකාර වචන ගලා එයි; සිය වාසිය තකා අනුන්ට චාටුවෙන් ප්‍රශංසා කරති.


විශේෂයෙන් ශාරීරික ලෙස අපිරිසිදුකමේ තෘෂ්ණාව අනුව හැසිරෙන්නන්ට ද ආධිපත්‍යයට අපහාස කරන්නන්ට ද උන් වහන්සේ එසේ කරන සේක. සාහසික අහංකාරී මොවුහු, ස්වර්ගයේ උත්තමයන්ට නින්දා කිරීමට බිය නොවෙති.


මන්ද, බොහෝ කලකට පෙර දඬුවමට නියම කරනු ලැබූ, අභක්තික මිනිසුන් සමහර දෙනෙක්, ඔබ නොදැනුවත් ව ම ඔබට නොදැනෙන පරිද්දෙන් ඔබ අතරට රිංගාගෙන සිටිති. මොවුහු අපගේ දෙවියන් වහන්සේගේ කරුණාව, අවකල්ක්‍රියාවට මඟක් කරගනිමින්, අපගේ එක ම අධිපතියාණන් ද ස්වාමීන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ප්‍රතික්ෂේප කරති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්