ෆිලෙමොන් 1:21 - Sinhala Revised Old Version මා නුඹට ලියා එවන්නේ මා කියනවාටත් වඩා නුඹ කරන බව මා දැන, නුඹේ කීකරුකම විශ්වාසකරගනය. Sinhala New Revised Version මා මෙය ලියන විට, මා ඉල්ලන දේ ඔබ ම ඉටු කරන බවත් ඉල්ලනවාටත් වඩා ඔබ ඉටු කරන බවත් මට සහතික ය. සිංහල කාලීන පරිවර්තනය ඔබගේ කීකරුකම ගැන වූ විශ්වාසයෙන්, මා ඔබට ලියන්නේ, මා කියනවාටත් වඩා වැඩියෙන් ඔබ කරන වග දැනගෙන ය. Sinhala New Revised Version 2018 මා මෙය ලියන විට, මා ඉල්ලන දේ ඔබ ම ඉටු කරන බවත් ඉල්ලනවාටත් වඩා ඔබ ඉටු කරන බවත් මට සහතික ය. |
මේ කාරණය මා ලියා එවුවේ මාගේ ප්‍රීතිය නුඹලා සියල්ලන්ගේ ප්‍රීතියයයි නුඹලා සියල්ලන් ගැන විශ්වාසකරමින්, මා ආවාම මා ප්‍රීතිකරන්ට ඕනෑ අයවලුන්ගෙන් මට ශෝකය නොපැමිණෙන පිණිසය.
තවද නොයෙක්විට නොයෙක් කාරණාවලදී උනන්දු කෙනෙක් බව අපට ඔප්පුවුණාවූ, දැන් නුඹලා කෙරෙහි ඇති මහත් විශ්වාසය නිසා ඊටත් වඩා උනන්දුකම ඇත්තෙක්වූ අපේ සහෝදරයා ඔවුන් සමඟ එවීමුව.
නුඹලා වෙන කල්පනාවකින් යුක්තව සිටින්නේ නැත කියා ස්වාමීන්වහන්සේ තුළ මම නුඹලා ගැන විශ්වාසකරමි. නුමුත් නුඹලාව වියවුල්කරන තැනැත්තේ කවරෙක් නුමුත් ඔහු තමාගේ දඬුවම විඳිනවා ඇත.
තවද අප ආඥාකරන දේ නුඹලා කරනවාය කියාද මතුත් කරනවා ඇත කියාද නුඹලා ගැන ස්වාමීන්වහන්සේ තුළ විශ්වාසය ඇතුව සිටිමුව.