මම ඔහු වෙනුවට ඇපකාරයෙක් වන්නෙමි; ඔබ මා අතින් ඔහු ඉල්ලනු මැනවි. ඉදින් මම ඔබ වෙතට ඔහු ගෙනවුත් ඔබ ඉදිරියෙහි නොසිටෙවුවෙම් නම්, ඒ දෝෂය හැම කල්හි මා පිට වේවා.
ෆිලෙමොන් 1:18 - Sinhala Revised Old Version ඔහු නුඹට අයුත්තක් කළා නම්, නොහොත් නුඹට ණයව සිටිනවා නම්, ඒක මාගේ ගණනට තබන්න. Sinhala New Revised Version ඔහු ඔබට යම් වරදක් කර ඇත්නම්, නොහොත් ඔබට ණය ව සිටී නම් ඒ වගකීම මම භාරගනිමි. සිංහල කාලීන පරිවර්තනය ඔහු ඔබට වරද කර ඇත්නම්, නැතහොත් කිසිවකින් ඔබට ණය නම්, එය මගේ ගණනට දමන්න. Sinhala New Revised Version 2018 ඔහු ඔබට යම් වරදක් කර ඇත්නම්, නොහොත් ඔබට ණය ව සිටී නම් ඒ වගකීම මම භාරගනිමි. |
මම ඔහු වෙනුවට ඇපකාරයෙක් වන්නෙමි; ඔබ මා අතින් ඔහු ඉල්ලනු මැනවි. ඉදින් මම ඔබ වෙතට ඔහු ගෙනවුත් ඔබ ඉදිරියෙහි නොසිටෙවුවෙම් නම්, ඒ දෝෂය හැම කල්හි මා පිට වේවා.
පාවුල් නම් මම මාගේම අතින් මේක ලියමි: මම ඒක ගෙවන්නෙමි. [මෙසේ කියන්නේ] නුඹම මට ණයක්ව සිටින බව නුඹට නොකියන පිණිසය.