එහෙත් මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවද කන්නලව්වද සලකා අද ඔබ ඉදිරියෙහි ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන ඉල්ලීමද යාච්ඤාවද ඇසුවමැනව.
පිලිප්පි 4:6 - Sinhala Revised Old Version නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න. Sinhala New Revised Version ඔබ කිසිවක් ගැන කරදර නොවී, සියල්ලෙහි දී ස්තුති පූර්වක ව, යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ අයැදීම් දෙවියන් වහන්සේට දන්වන්න. සිංහල කාලීන පරිවර්තනය කිසි දෙයක් ගැන කනස්සලු නො වී, හැම දෙයකදීම යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් යුතුව, ස්තුති කරමින්, ඔබේ ඉල්ලීම් දෙවියන්වහන්සේ වෙත පිළිගන්වන්න. Sinhala New Revised Version 2018 ඔබ කිසිවක් ගැන කරදර නොවී, සියල්ලෙහි දී ස්තුති පූර්වක ව, යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ අයැදීම් දෙවියන් වහන්සේට දන්වන්න. |
එහෙත් මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවද කන්නලව්වද සලකා අද ඔබ ඉදිරියෙහි ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන ඉල්ලීමද යාච්ඤාවද ඇසුවමැනව.
ඒ නිසා හෙසකියා රජද ආමොස්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායාද යාච්ඤාකොට ස්වර්ගයට මොරගැසූහ.
නුඹේ බර ස්වාමීන් පිට තබව, උන්වහන්සේ නුඹ උසුලනසේක. උන්වහන්සේ කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක.
ජනයෙනි, සෑමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරව්; උන්වහන්සේ ඉදිරියේ නුඹලාගේ සිත් වගුරුවව්. දෙවියන්වහන්සේ අපට රක්ෂාස්ථානයක්ය.
දුෂ්ටයන්ගේ පූජාව ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් ඇද නැත්තන්ගේ යාච්ඤාවට උන්වහන්සේ ප්‍රසන්නය.
පර්වත විවරවලද උස් කඳුවල රහස් තැන්හිද සිටින මාගේ පරෙවිදෙන, නුඹේ මුහුණ මට දකින්ටත් නුඹේ හඬ අසන්ටත් දෙන්න; මක්නිසාද නුඹේ හඬ මිහිරිය, නුඹේ මුහුණ ශෝභනයයි කීවේය.
මා විසින් විකුණුම්-ඔප්පුව නේරියාගේ පුත්‍රවූ බාරුක්ට භාරදුන් පසු මම ස්වාමීන්වහන්සේට මෙසේ යාච්ඤා කෙළෙමි:
ෂද්‍රක්ද මේෂක්ද අබේද්නෙගෝද නෙබුකද්නෙශර් රජුට උත්තරදෙමින්: මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්ට අපට ඕනෑ නැත.
ඒ පත්‍රය අත්සන් කළ බව දානියෙල් දැනගත් විට, තමාගේ ගෙදරට ගොස්, තමාගේ උඩුමහලේ කවුළු යෙරුසලම දෙසට ඇරී තිබියදී, තමා ඊට පළමු කළාක්මෙන් දවසට තුන්වරක් දණින් හිඳ තමාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤාකොට ස්තුතිකෙළේය.
නුමුත් ඔවුන් නුඹලා පාවාදෙන කල, නුඹලා කථාකරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද නුඹලා විසින් කිය යුතු දේ ඒ පැයේදී නුඹලාට දෙනු ලබන්නේය.
කටු අතරෙහි වපුරන ලද්දේ නම්, වචනය අසා, ලෝකය ගැන වෙහෙසීමෙන්ද වස්තුවේ රැවටිලිකාරකමෙන්ද වචනය යටවීමෙන් ඵල නොදරන තැනැත්තාය.
එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙන්න. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි.
එබැවින් ඔවුන්ට සමාන නොවෙන්න. මක්නිසාද නුඹලාගේ පියාණන්වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලන්ට පළමුවෙන් නුඹලාට වුවමනා දේ කුමක්දැයි උන්වහන්සේ දන්නාසේක.
නුමුත් ස්වාමීන්වහන්සේ උත්තරදෙමින්: මාර්තා, මාර්තා, නුඹ බොහෝ දේවල් ගැන නලංගුවී කැලඹෙන්නෙහිය. නුමුත්
තවද උන්වහන්සේ තමන් ගෝලයන්ට කියනසේක්: එහෙයින් නුඹලාට කියමි–කුමක් කමුද කියා ජීවිතය ගැනවත්–කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න.
තවද ඔවුන් විසින් නොමැළිව නිතර යාච්ඤාකරන්ට ඕනෑ බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්:
දෙවියන්වහන්සෙත් තමන්ට රෑ දාවල් හඬගසන්නාවූ තමන් තෝරාගත්තවුන් ගැන යුක්තිය ඉෂ්ට නොකරනසේක්ද? උන්වහන්සේ ඔවුන් කෙරෙහි බොහෝ ඉවසිල්ලෙන් සිටිනසේක.
නුඹ වහලෙක්ව සිටියදී කැඳවනු ලැබුයෙහිද? ඒ ගැන නොසලකන්න. නුමුත් නිදහස්වන්ට පුළුවන් නම් ඒ ප්‍රයෝජනය ලබාගන්න.
නුඹලාද කරදර නැතුව සිටිනවාට කැමැත්තෙමි. විවාහ නොවූ තැනැත්තේ ස්වාමීන්වහන්සේව සතුටු කරන්නේ කෙසේද කියා ස්වාමීන්වහන්සේගේ කාරණා ගැන සලකන්නේය.
නුඹලාත් එක්ව නුඹලාගේ කන්නලව් කරණකොටගෙන අප වෙනුවට උපකාර කරන්නහුය. එසේ කරන්නේ බොහෝදෙනෙකු කරණකොටගෙන අපට ලැබුණු දීමනාව නිසා අප වෙනුවට බොහෝ දෙනෙක් ස්තුතිකරන පිණිසය.
අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්න.
ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩුකෙරේවා. ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවාගනු ලැබුවහුය; ස්තුතිවන්තවද සිටින්න;
තවද නුඹලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක් කරතත්, සියල්ලම ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන් කරමින්, උන්වහන්සේ කරණකොටගෙන පියවූ දෙවියන්වහන්සේට ස්තුතිකරන්න.
ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව,
ඇත්තටම අසරණව සිටින වැන්දඹු තැනැත්තී දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙමින් රෑ දාවල් කන්නලව්වලද යාච්ඤාවලද පවතින්නීය.
නුමුත් සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද සිටින්න.
හන්නා උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, එසේ නොවේ, මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්ය. මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබීවෙමි, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මාගේ ආත්මය වැගිරෙවුවෙමි.
දාවිත් තද අමාරුවට පත්විය; මක්නිසාද මුළු සෙනඟගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝකවුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනඟ කථාකළෝය. නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගත්තේය.
එවිට සාමුවෙල් ගලක් ගෙන මිශ්පාටත් ෂේන්ටත් අතරේ තබා: මෙතැන් දක්වා ස්වාමීන්වහන්සේ අපට පිහිටවූසේකැයි කියමින්, ඊට එබෙන්-එසෙර් යන නම තැබුවේය.