ඔහු තම සහෝදරයන්ට කථාකොට: මාගේ මුදල් නැවත ලැබී තිබේ; මෙන්න, ඒවා මාගේ ගෝණියෙහි තිබේයයි කීය. එවිට ඔවුන්ගේ සිත් කිඳා ගියේය, ඔව්හු වෙවුලමින් එකිනෙකා දෙසට හැරී: දෙවියන්වහන්සේ අපට කළාවූ මේ දේ කිමෙක්දැයි කීවෝය.
ප්‍රේම ගී 5:6 - Sinhala Revised Old Version මාගේ ප්‍රේමවන්තයාට දොර ඇරියෙමි; නුමුත් මාගේ ප්‍රේමවන්තයා අහක්ව ගිහින්ය. ඔහු කථාකළ විට මට සිහිනැතිවිය. මම ඔහු සෙවීමි, නුමුත් සම්බවුණේ නැත; මා ඔහුට අඬගැසූ නුමුත් ඔහු මට උත්තරදුන්නේ නැත. Sinhala New Revised Version මා පෙම්වතාට මම දොර ඇරියෙමි. එහෙත්, මා පෙම්වතා නික්ම ගොස් තිබිණි. ඔහු කතා කළ විට මට සිහි නැති විය. මම ඔහු සෙවීමි; එහෙත්, සම්බ නො වී ය. මා ඔහුට අඬගැසූ නමුත්, ඔහු මට පිළිතුරු නොදිනි. Sinhala New Revised Version 2018 මා පෙම්වතාට මම දොර ඇරියෙමි. එහෙත්, මා පෙම්වතා නික්ම ගොස් තිබිණි. ඔහු කතා කළ විට මට සිහි නැති විය. මම ඔහු සෙවීමි; එහෙත්, සම්බ නො වී ය. මා ඔහුට අඬගැසූ නමුත්, ඔහු මට පිළිතුරු නොදිනි. |
ඔහු තම සහෝදරයන්ට කථාකොට: මාගේ මුදල් නැවත ලැබී තිබේ; මෙන්න, ඒවා මාගේ ගෝණියෙහි තිබේයයි කීය. එවිට ඔවුන්ගේ සිත් කිඳා ගියේය, ඔව්හු වෙවුලමින් එකිනෙකා දෙසට හැරී: දෙවියන්වහන්සේ අපට කළාවූ මේ දේ කිමෙක්දැයි කීවෝය.
රජද: ශෙරුයාගේ පුත්‍රයෙනි, නුඹලාගෙන් මට කම් කිම්ද? ඔහු දෙස් කීවේ මක්නිසාද? දාවිත්ට දෙස් කියන්නැයි ස්වාමීන්වහන්සේ ඔහුට කියා තිබේ නම්–නුඹ මෙසේ කළේ මක්නිසාදැයි කියන්ට පුළුවන් කවරෙකුටදැයි කීවේය.
ස්වාමිනි, ඔබට හඬගසන්නෙමි; මාගේ පර්වතයාණෙනි මට කන් නොදී නොසිටිය මැනව. ඔබ නිශ්ශබ්දවූසේක්නම්, වළට බසින්නන් හා සමාන වන්නෙමි.
ස්වාමිනි, ඔබගේ කරුණාවෙන් ඔබ මාගේ කන්ද ශක්තිමත්කොට පිහිටෙවුසේක. ඔබ මුහුණ සඟවාගත්සේක; මම කැලඹුණෙමි.
මාගේ මොරගැසීමෙන් වෙහෙසව සිටිමි; මාගේ උගුර වියළී තිබේ. මාගේ දෙවියන්වහන්සේ ගැන බලා සිටීමෙන් මාගේ ඇස් ක්ෂයවේ.
මම දෙවියන්වහන්සේ සිහිකොට චංචලව සිටිමි. මම මෙනෙහිකරමි, මාගේ ආත්මයද ශෝකයෙන් පිරී ගියේය.
සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟගේ යාච්ඤාවට විරුද්ධව කොපමණ කල් උදහස්ව සිටිනසේක්ද?
එවිට ඔවුන් මට හඬගසන නුමුත් මම උත්තර නොදෙන්නෙමි; ඔවුන් බොහෝසේ මා සොයන නුමුත් මා සම්බවන්නේ නැත.
මම නිදාගෙන සිටියෙම් නුමුත් මාගේ සිත පිබිද තිබුණේය. අන්න මාගේ ප්‍රේමවන්තයා තට්ටුකරන ශබ්දයය: මාගේ සහෝදරිය, මාගේ සොඳුරිය, මාගේ පරෙවිදෙන, මාගේ නිර්මල තැනැත්තිය, මට දොර අරින්න. මක්නිසාද මාගේ හිස පින්නෙනුත් මාගේ කෙස් රොද රෑ පිනිබින්දුවලිනුත් පෙඟී තිබේයයි කීවේය.
ස්ත්‍රීන්ගෙන් ඉතා රුව ඇත්තිය, නුඹේ ප්‍රේමවන්තයා කොතැනට ගියේද? නුඹේ ප්‍රේමවන්තයා කොයි දෙසට හැරීගියේද? අපි නුඹ සමඟ ඔහු සොයන්නෙමුව.
ඒ දවසෙහි නුඹ කථාකොට: ස්වාමීන්වහන්ස, ඔබට ස්තුති කරමි; මක්නිසාද ඔබ මා කෙරෙහි උදහස්ව සිටිය නුමුත් ඔබගේ උදහස පහවගියේය, ඔබ මා සනසනසේක.
මා ආවිට කිසිවෙක් නොසිටියෙත් මා අඬගැසූ විට උත්තරදෙන්ට කිසිවෙක් නොසිටියෙත් මක්නිසාද? මුදන්ට බැරි හැටියට මගේ අත ඇත්තටම කොටවී තිබේද? නොහොත් ගළවන්ට මා වෙත බලය නැද්ද? බලව, මාගේ තරවටුකිරීමෙන් මුහුද හින්දවමි, ගංගාවන් කාන්තාරයක් කරමි; වතුර නැති නිසා එහි මත්ස්‍යයන් ගඳගසනවා ඇත, පිපාසායෙන් මැරෙනවා ඇත.
මම සදාකල්ම විවාද නොකරන්නෙමි, සෑම කල්ම උදහස්ව නොසිටින්නෙමි. එසේ සිටියොත් මා ඉදිරියෙහි ආත්මයද මා විසින් මැවූ ප්‍රාණද ක්ලාන්තවී යන්නෝය.
ඔව්හු දවස් පතා මා සොයති, මාගේ මාර්ගයන් දැනගන්ට ප්‍රසන්නවෙති. ධර්මිෂ්ඨකම්කොට තමුන්ගේ දෙවියන්වහන්සේගේ නියෝගය අත්නෑර සිටින ජාතියක්මෙන් ඔව්හු ධර්මිෂ්ඨ නියෝග මාගෙන් ඉල්ලති, දෙවියන්වහන්සේ වෙතට ළංවීමට ප්‍රසන්නවෙති.
මම වනාහි යාකොබ්ගේ වංශයෙන් තමන්ගේ මුහුණ සඟවාගන්න ස්වාමීන්වහන්සේ ගැන බලාසිට, උන්වහන්සේ ගැන බලාපොරොත්තුවන්නෙමි.
ඔවුන් දඬුවම් විඳ මාගේ මුහුණ සොයන තුරු, මම මාගේ ස්ථානයට හැරීයන්නෙමි. ඔවුන්ට විපත පැමිණෙන විට ඔවුන් ඕනෑකමින් මා වෙතට එනවා ඇත.
ඔව්හු තමුන්ගේ බැටළුවන් සහ ගවයන්ද ඇතුව ස්වාමීන්වහන්සේ සොයායන්නෝය; නුමුත් උන්වහන්සේ ඔවුන්ට සම්බවන්නේ නැත. උන්වහන්සේ ඔවුන්ගෙන් පහව සිටිනසේක.
කුකුළා හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියනවා ඇතැයි යේසුස්වහන්සේ කී වචනය පේතෘස් සිහිකොට, පිටතට ගොස් බලවත් දුකින් හැඬුවේය.
එකෙණෙහිම කුකුළා දෙවෙනි වර හඬලීය. කුකුළා දෙවරක් හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියන්නෙහියයි යේසුස්වහන්සේ තමාට කී වචනය පේතෘස් සිහිකොට, ඒ ගැන සිත සිතා හැඬුවේය.
මම ප්‍රේමකරන සියල්ලන්ට තරවටුකොට දඬුවම්කරමි. එබැවින් නුඹ ජ්වලිතව සිට පශ්චාත්තාපවෙන්න.
සාවුල් ස්වාමීන්වහන්සේගෙන් විචාළ කල ස්වාමීන්වහන්සේ ස්වප්නවලින්වත් ඌරිම්වලින්වත් අනාගතවක්තෲන් ලවාවත් ඔහුට උත්තර නුදුන්සේක.