ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ප්‍රේම ගී 2:10 - Sinhala Revised Old Version

මාගේ ප්‍රේමවන්තයා කථාකර මට කියන්නේ: මාගේ සොඳුර, ශෝභන තැනැත්තිය, නැගිට එන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මා පෙම්වතා මා අමතමින් මට මෙසේ කී ය: “මා සුරතලිය, නැඟිටින්න; මා සොඳුරිය, දැන් එන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මා පෙම්වතා මා අමතමින් මට මෙසේ කී ය: “මා සුරතලිය, නැඟිටින්න; මා සොඳුරිය, දැන් එන්න.

පරිච්ඡේදය බලන්න



ප්‍රේම ගී 2:10
18 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කීවෙත් ඉශ්‍රායෙල්ගේ පර්වතයාණන් මට කථා කළෙත් මෙසේය–දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව මනුෂ්‍යයන් කෙරෙහි ආණ්ඩුකරන ධර්මිෂ්ඨ ආණ්ඩුකාරයෙක් එන්නේය.


දෙවිවූ ස්වාමීන්වහන්සේ කුමක් කියනසේක්දැයි අසන්නෙමි. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟටත් ශුද්ධවන්තයන්ටත් සමාදානය වදාරනසේක. නුමුත් ඔව්හු අඥානකමට නැවත නොහැරෙත්වා.


බලව, මාගේ සොඳුර, නුඹ රුව ඇත්තීය; එසේය, නුඹ රුව ඇත්තීය; නුඹේ ඇස් පරෙවියන් හා සමානය.


මාගේ සොඳුර, ඵාරාවෝගේ රථවල අශ්වධේනුවකට නුඹ සමානකෙළෙමි.


මක්නිසාද ශීත කාලය පසුවිය, වැස්ස නැවතුණේය;


දිඹුල් ගසේ අමු ගෙඩි ඉදීගන එයි, මිදිවැල්වල මල් පිපී, සුවඳ හමයි. මාගේ සොඳුර, මාගේ ශෝභන තැනැත්තිය, නැගිට එන්න.


අන්න, මාගේ ප්‍රේමවන්තයාගේ හඬ! බලව, ඔහු කඳුවල පනිමින්ද හෙල්වල පැන නගිමින්ද එන්නේය.


මම නිදාගෙන සිටියෙම් නුමුත් මාගේ සිත පිබිද තිබුණේය. අන්න මාගේ ප්‍රේමවන්තයා තට්ටුකරන ශබ්දයය: මාගේ සහෝදරිය, මාගේ සොඳුරිය, මාගේ පරෙවිදෙන, මාගේ නිර්මල තැනැත්තිය, මට දොර අරින්න. මක්නිසාද මාගේ හිස පින්නෙනුත් මාගේ කෙස් රොද රෑ පිනිබින්දුවලිනුත් පෙඟී තිබේයයි කීවේය.


ස්වාමීන්වහන්සේ පුරාණයේදී මට ප්‍රකාශවී–එසේය, සදාකාල ප්‍රේමයකින් නුඹට ප්‍රේමකෙළෙමි. එබැවින් දයාබරකමින් නුඹ ඇදගතිමියි කීසේක.


යේසුස්වහන්සේ එතැනින් යන අතර මතෙව් නම් මනුෂ්‍යයෙක් සුංගම් අයකරන තැන වාඩිවී ඉන්නවා දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක. ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියේය.


මක්නිසාද පිරිසිදු කන්‍යාවකු මෙන් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ වන එක පුරුෂයෙකුට පාවාදීම පිණිස මා විසින් විවාහබස් දුන් බැවින් දිව්‍යවූ ජ්වලිතයකින් නුඹලා ගැන මම ජ්වලිතව සිටිමි.


ආත්මයාණන්වහන්සේද මණමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.