ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නෙහෙමියා 3:3 - Sinhala Revised Old Version

මත්ස්‍ය දොරටුව හස්සෙනායාගේ පුත්‍රයෝ ගොඩනැගුවෝය; ඔව්හු ඒකේ බාල්ක පිහිටුවා ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තැබුවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මත්ස්‍ය දොරටුව හස්සෙනායාගේ පුත්‍රයෝ ගොඩනැඟුවෝ ය. ඔව්හු එහි බාල්ක පිහිටුවා එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මත්ස්‍ය දොරටුව හස්සෙනායාගේ පුත්‍රයෝ ගොඩනැඟුවෝ ය. ඔව්හු එහි බාල්ක පිහිටුවා එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කළහ.

පරිච්ඡේදය බලන්න



නෙහෙමියා 3:3
11 හුවමාරු යොමු  

මින්පසු ඔහු දාවිත්ගේ නුවරින් පිට ගීහොන්ට බස්නාහිරෙන් මිටියාවතෙහි මත්ස්‍ය–දොරටුවෙන් ඇතුල්වන තැන දක්වා ඕපෙල් වටේට ඉතා උසට පවුරක් ගොඩනගා, යූදාහි පවුරු ඇති සියලු නුවරවල සේනාපතීන් සිටෙවුවේය.


සෙනායාහි පුත්‍රයෝ තුන්දාස් හසිය තිස්දෙනෙක්ය.


එප්‍රායිම් දොරටුවට උඩිනුත් පුරාණ දොරටුව ළඟිනුත් මත්ස්‍ය-දොරටුවද හනනේල්ගේ කොත සහ හම්මෙයාගේ කොත ළඟිනුත් බැටළු-දොරටුව දක්වා ගොස්, හිරගෙයි දොරටුව ළඟ නැවතුණෝය.


ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත් නුවර පවුරුවලටත් මා පදිංචිවෙන ගෙටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරවූ ආසාප්ට දීමට ලියුමක්ද මට ලැබේවයි රජුට කීමි. මාගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජතෙම එසේම මට දුන්නේය.


ඔවුන් ගාව හක්කොශ්ගේ පුත්‍රවූ උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් අලුත්වැඩියාකෙළේය. ඔවුන් ගාව මෙෂේසබෙල්ගේ පුත්‍රවූ බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් අලුත්වැඩියාකෙළේය. ඔවුන් ගාව බානාගේ පුත්‍රවූ ශාදොක් අලුත්වාඩියාකෙළේය.


පරණ දොරටුව පාසේයාගේ පුත්‍රවූ යෝයාදාද බෙසෝදෙයාගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ද අලුත්වැඩියාකළෝය, ඔව්හු ඒකේ බාල්ක පිහිටුවා, ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තැබුවෝය.


කිසි කැඩුමක් ඉතුරු නොවන ලෙස මා විසින් පවුර ගොඩනගන ලද බව සන්බලාට්ටද ටෝබියාටද අරාබිය ගෙෂෙම්ටද අපේ අනික් සතුරන්ටද සැලවුණේය. එහෙත් ඒ කාලය වෙනතුරුම මා විසින් දොරටුවල දොරවල් තබා නොතිබුණේය.


පවුර ගොඩනැගුවායින් පසු මම දොරවල් පිහිටෙවුවෙමි, දොරටුපාලයෝද ගායනාකාරයෝද ලෙවීවරුද පත්කරනු ලැබුවෝය.


සෙනායාහි පුත්‍රයෝ තුන්දාස් නවසිය තිස් දෙනෙක්ය.


මක්නිසාද උන්වහන්සේ නුඹේ වාසල් දොරටුවල අගුල් සවිකළසේක; නුඹ තුළ නුඹේ දරුවන්ට ආශීර්වාද කළසේක.


එම දවසේම මත්ස්‍ය දොරටුවෙන් ඝෝෂාවක්ද දෙවෙනි කොටසෙන් කෑමොරගැසීමක්ද හෙල්වලින් බිඳීම් ගබ්දයක්ද වන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.