Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 3:4 - Sinhala Revised Old Version

4 ඔවුන් ගාව හක්කොශ්ගේ පුත්‍රවූ උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් අලුත්වැඩියාකෙළේය. ඔවුන් ගාව මෙෂේසබෙල්ගේ පුත්‍රවූ බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් අලුත්වැඩියාකෙළේය. ඔවුන් ගාව බානාගේ පුත්‍රවූ ශාදොක් අලුත්වාඩියාකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔවුන්ට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව මෙෂේශබෙල්ගේ පුත් බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් එය අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව බානාගේ පුත්‍ර ශාදොක් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඔවුන්ට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව මෙෂේශබෙල්ගේ පුත් බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් එය අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව බානාගේ පුත්‍ර ශාදොක් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 3:4
11 හුවමාරු යොමු  

සතරවෙනිදා ඒ රිදීද රන්ද බඩුද සියල්ලම ගණන හා බර ප්‍රකාරයට, පූජකයාවූ උරියාගේ පුත්‍රවූ මෙරේමොත් අතට අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේදී කිරා දෙනලද්දේය.


ඔහු ගාව හක්කෝශ්ගේ පුත්‍රවූ උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් එලියාෂීබ්ගේ ගෙයි දොරකඩ පටන් එලියාෂීබ්ගේ ගෙයි කෙළවර දක්වා තව කොටසක් අලුත්වැඩියාකෙළේය.


බුන්නීද අස්ගාද්ද බේබයිද;


මෙෂුල්ලාම්ද අබියාද මියාමින්ද;


මත්ස්‍ය දොරටුව හස්සෙනායාගේ පුත්‍රයෝ ගොඩනැගුවෝය; ඔව්හු ඒකේ බාල්ක පිහිටුවා ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තැබුවෝය.


ඔවුන් ගාව තෙකෝවරු අලුත්වැඩියාකෙළෝය; නුමුත් ඔවුන්ගේ උත්තමයෝ තමුන්ගේ ස්වාමීන්ගේ සේවයට කර නුදුන්නෝය.


මෙෂේසබ්යෙල්ද ශාදොක්ද යද්දුවාද;


පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් හබායාගේ පුත්‍රයොත් හක්කොශ්ගේ පුත්‍රයොත් ගිලියදිය බර්සිල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවකු පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයොත්ය.


ඔහු ගාව ෂෙලමියාගේ පුත්‍රවූ හනනියාද ශාලාප්ගේ හවෙනි පුත්‍රයාවූ හානූන්ද තව කොටසක් අලුත්වැඩියාකළෝය. ඔහු ගාව බෙරකියාගේ පුත්‍රවූ මෙෂුල්ලාම් තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියාකෙළේය.


මක්නිසාද ඔහු ආරාගේ පුත්‍රවූ ෂෙකනියාගේ බෑනා නිසාත් ඔහුගේ පුත්‍රවූ යෙහෝහානාන් බෙරෙකියාගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ගේ දුව පාවාගත් නිසාත් යූදාහි බොහෝ දෙනෙක් ඔහු සමඟ දිවුරුමකින් බැඳී සිටියෝය.


පූජකයන්ගෙන් හෝබායාගේ පුත්‍රයොත් හක්කොශ්ගේ පුත්‍රයොත් ගිලියදිය බර්සිල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවකු පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයොත්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්