මෙසේ ඔව්හු ඇවිත් නුවර දොරටුපාලයන්ට හඬගසා කථාකොට: අපි සිරියවරුන්ගේ කඳවුරට ගියෙමුව, එහි කිසි මනුෂ්‍යයෙක්වත් මනුෂ්‍ය හඬක්වත් නැත, බැඳපු අශ්වයොත් බැඳපු කොටළුවොත් සිටිති, කූඩාරම්ද තිබුණු හැටියටම තිබේයයි ඔවුන්ට දැන්නුවෝය.
නෙහෙමියා 12:45 - Sinhala Revised Old Version ඔව්හුද ගීතිකාකාරයෝද දොරටුපාලයෝද දාවිත්ගේ සහ ඔහුගේ පුත්‍රවූ සාලමොන්ගේ ආඥාව ලෙස තමුන්ගේ දෙවියන්වහන්සේගේ නියම මුරයත් පවිත්‍රවීම පිළිබඳ නියම මුරයත් පැවැත්තුවෝය. Sinhala New Revised Version ඔව්හු ද ගායකයෝ ද දොරටු පාලකයෝ ද දාවිත්ගේ සහ ඔහුගේ පුත් සලමොන්ගේ ආඥාව ලෙස තමන්ගේ දෙවියන් වහන්සේට නියම පූජා විධි ද පවිත්‍ර වීම පිළිබඳ නියම වත්පිළිවෙත් ද පැවැත්වූ හ. Sinhala New Revised Version 2018 ඔව්හු ද ගායකයෝ ද දොරටු පාලකයෝ ද දාවිත්ගේ සහ ඔහුගේ පුත් සලමොන්ගේ ආඥාව ලෙස තමන්ගේ දෙවියන් වහන්සේට නියම පූජා විධි ද පවිත්‍ර වීම පිළිබඳ නියම වත්පිළිවෙත් ද පැවැත්වූ හ. |
මෙසේ ඔව්හු ඇවිත් නුවර දොරටුපාලයන්ට හඬගසා කථාකොට: අපි සිරියවරුන්ගේ කඳවුරට ගියෙමුව, එහි කිසි මනුෂ්‍යයෙක්වත් මනුෂ්‍ය හඬක්වත් නැත, බැඳපු අශ්වයොත් බැඳපු කොටළුවොත් සිටිති, කූඩාරම්ද තිබුණු හැටියටම තිබේයයි ඔවුන්ට දැන්නුවෝය.
මක්නිසාද ඔවුන්ගේ තනතුර නම් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාරකිරීමය. එනම්: මිදුල්ද ඇතුල් ගෙවල්ද සියලු ශුද්ධ දේවල් පවිත්‍රකිරීමද දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවයේ වැඩද
මෙම ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයෝ දාවිත් රජු විසින්ද සහස්‍රාධිපතීන්ව ශතාධිපතීන්ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින්ද සේනාවේ අධිපතීන් විසින්ද කැපකරනලද්දාවූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත්ව සිටියෝය.
නුමුත් පූජකයන්ද ලෙවීවරුන්ගෙන් සේවයකරන්නන්ද හැර වෙන කිසිවෙක් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල් නොවේවා; ඔව්හු විශුද්ධව සිටින නිසා ඇතුල්වෙත්වා. නුමුත් මුළු සෙනඟ ස්වාමීන්වහන්සේගේ නියමය පවත්වාවා.