Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නෙහෙමියා 12:45 - Sinhala New Revised Version

45 ඔව්හු ද ගායකයෝ ද දොරටු පාලකයෝ ද දාවිත්ගේ සහ ඔහුගේ පුත් සලමොන්ගේ ආඥාව ලෙස තමන්ගේ දෙවියන් වහන්සේට නියම පූජා විධි ද පවිත්‍ර වීම පිළිබඳ නියම වත්පිළිවෙත් ද පැවැත්වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

45 ඔව්හු ද ගායකයෝ ද දොරටු පාලකයෝ ද දාවිත්ගේ සහ ඔහුගේ පුත් සලමොන්ගේ ආඥාව ලෙස තමන්ගේ දෙවියන් වහන්සේට නියම පූජා විධි ද පවිත්‍ර වීම පිළිබඳ නියම වත්පිළිවෙත් ද පැවැත්වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

45 ඔව්හුද ගීතිකාකාරයෝද දොරටුපාලයෝද දාවිත්ගේ සහ ඔහුගේ පුත්‍රවූ සාලමොන්ගේ ආඥාව ලෙස තමුන්ගේ දෙවියන්වහන්සේගේ නියම මුරයත් පවිත්‍රවීම පිළිබඳ නියම මුරයත් පැවැත්තුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 12:45
5 හුවමාරු යොමු  

මෙසේ ඔව්හු අවුත් නුවර දොරටු පාලකයන්ට හඬගසා කතා කොට, “අපි සිරියන්වරුන්ගේ කඳවුරට ගියෙමු. එහි කිසි මනුෂ්‍යයෙක් වත්, මනුෂ්‍ය හඬක් වත් නැත. බඳින ලද අශ්වයෝත්, කොටළුවෝත් සිටිති. කූඩාරම් ද තිබුණු හැටියට ම තිබේ ය”යි ඔවුන්ට දැන්නූ හ.


මන්ද, ඔවුන්ගේ තනතුර නම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාර කිරීම ය. එනම්, මළුව, ඇතුල් ගෙවල් සහ සියලු ශුද්ධ දේවල් පවිත්‍ර කිරීමත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයේ වැඩ ද පිදීමේ රොටි ද


මෙම ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයෝ, දාවිත් රජු විසින් ද සහශ්‍රාධිපතීන් ව ශතාධිපතීන් ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින් ද සේනාවේ අධිපතීන් විසින් ද කැප කරන ලද්දා වූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත් ව සිටියෝ ය.


එහෙත්, පූජකයන් ද ලෙවීවරුන්ගෙන් සේවය කරන්නන් ද හැර වෙන කිසිවෙක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුල් නොවෙත්වා. ඔව්හු විශුද්ධ ව සිටින නිසා ඇතුළු වෙත්වා. එහෙත්, මුළු සෙනඟ සමිඳාණන් වහන්සේගේ නියමයන් පිළිපැද්ද යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්