ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නෙහෙමියා 11:4 - Sinhala Revised Old Version

යූදා පුත්‍රයන්ගෙන්ද බෙන්යමින් පුත්‍රයන්ගෙන්ද සමහරෙක් යෙරුසලමෙහි වාසයකළෝය. යූදා පුත්‍රයන් අතරෙන්, පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ මහලලේල්ගේ පුත්‍රවූ ෂෙපටියාගේ පුත්‍රයා වන අමරියාගේ පුත්‍රවූ සෙකරියාගේ පුත්‍රයා වන උස්සියාගේ පුත්‍රවූ අතායාය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජුදාවරුන්ගෙන් ද බෙන්ජමින්වරුන්ගෙන් ද සමහරෙක් ජෙරුසලමෙහි වාසය කළෝ ය. ජුදාවරුන් අතරෙන්, පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ මහලලේල්ගේ පුත් ෂෙපටියාගේ පුත්‍රයා වන අමරියාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන උස්සියාගේ පුත් අතායා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජුදාවරුන්ගෙන් ද බෙන්ජමින්වරුන්ගෙන් ද සමහරෙක් ජෙරුසලමෙහි වාසය කළෝ ය. ජුදාවරුන් අතරෙන්, පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ මහලලේල්ගේ පුත් ෂෙපටියාගේ පුත්‍රයා වන අමරියාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන උස්සියාගේ පුත් අතායා ය.

පරිච්ඡේදය බලන්න



නෙහෙමියා 11:4
7 හුවමාරු යොමු  

ඔහු තමාගේ අත ඇදගත් කල්හි ඔහුගේ සහෝදරයා බිහිවිය. ඈද: නුඹ බිඳුමක් කර ගත්තේ මක්නිසාදැයි කීවාය. එබැවින් පෙරෙශ් යන නම ඔහුට තබනලද්දේය.


යූදාහි නුවරවල ඉශ්‍රායෙල්වරුද පූජකයෝද ලෙවීවරුද නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝද තමුන්ගේ නුවරවල තිබුණු තම තමුන්ගේ උරුමවල වාසයකළෝය. යෙරුසලමෙහි වාසය කළ රටේ ප්‍රධානියෝ නම් මොව්හුය.


ෂිලොනියයාගේ පුත්‍රවූ සෙකරියාගේ පුත්‍රයා වන යෝයාරීබ්ගේ පුත්‍රවූ අදායාගේ පුත්‍රයා වන හසායාගේ පුත්‍රවූ කොල්-හොසෙක්ගේ පුත්‍රයා වන බාරුක්ගේ පුත්‍රවූ මයසේයාය.


යූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ්ද ශෙරාද උපන්නෝය; පෙරෙශ්ට දාව හෙශ්‍රොන් උපන්නේය; හෙශ්‍රොන්ට දාව රාම් උපන්නේය;


ඔහු අමිනාදබ්ගේ පුත්‍රයාය, ඔහු අර්නීගේ පුත්‍රයාය, ඔහු හෙශ්‍රොන්ගේ පුත්‍රයාය, ඔහු පෙරෙශ්ගේ පුත්‍රයාය, ඔහු යූදාගේ පුත්‍රයාය,


පෙරෙශ්ගේ පෙළපත් මේය: පෙරෙශ් හෙශ්රොන් ඉපදවිය;