Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 38:29 - Sinhala Revised Old Version

29 ඔහු තමාගේ අත ඇදගත් කල්හි ඔහුගේ සහෝදරයා බිහිවිය. ඈද: නුඹ බිඳුමක් කර ගත්තේ මක්නිසාදැයි කීවාය. එබැවින් පෙරෙශ් යන නම ඔහුට තබනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 එහෙත් ඔහු අත ඇතුළට ඇදගත් විට, ඔහුගේ සහෝදරයා බිහි විය. එවිට වින්නඹු මව ද, “ඔබ කඩා බිඳගෙන ආ හැටි යස යි” කියා ඔහුට පෙරෙශ් යන නම තැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 එහෙත් ඔහු අත ඇතුළට ඇදගත් විට, ඔහුගේ සහෝදරයා බිහි විය. එවිට වින්නඹු මව ද, “ඔබ කඩා බිඳගෙන ආ හැටි යස යි” කියා ඔහුට පෙරෙශ් යන නම තැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 38:29
10 හුවමාරු යොමු  

යූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ්ද ශෙරාද උපන්නෝය; පෙරෙශ්ට දාව හෙශ්‍රොන් උපන්නේය; හෙශ්‍රොන්ට දාව රාම් උපන්නේය;


ඔහුගේ ලේලිවූ තාමාර් තොමෝ පෙරෙශ්ද සෙරාද ඔහු නිසා බිහිකළාය. යූදාගේ සියලු පුත්‍රයෝ පස්දෙනෙක්ය.


තමුන්ගේ පවුල්වල හැටියට යූදාගේ පුත්‍රයෝනම්: ෂේලාගෙන් පැවත ආ ෂේලා පවුලය. පෙරෙශ්ගෙන් පැවත ආ පෙරෙශ් පවුලය. ශෙරාගෙන් පැවත ආ ශෙරා පවුලය.


යූදාගේ පුත්‍රයෝ, ඒර්, ඕනාන්, ෂෙලා, පෙරෙශ් සහ ශෙරාය. එහෙත් ඒර් සහ ඕනාන් කානාන් දේශයේදී නැසුණෝය. පෙරෙශ්ගේ පුත්‍රයෝ, හෙශ්රොන් සහ හාමුල්ය.


යෙරුසලමෙහි විසූ පෙරෙශ්ගේ සියලු පුත්‍රයෝ නම් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ හාරසිය හැටඅට දෙනෙක්ය.


ස්වාමීන්වහන්සේ මේ යෞවනීගෙන් නුඹට දෙන බීජය කරණකොටගෙන නුඹේ වංශය යූදා නිසා තාමාර් බිහිකළ පෙරෙශ්ගේ වංශය හා සමානවේවයි කීවෝය.


ඔහු අමිනාදබ්ගේ පුත්‍රයාය, ඔහු අර්නීගේ පුත්‍රයාය, ඔහු හෙශ්‍රොන්ගේ පුත්‍රයාය, ඔහු පෙරෙශ්ගේ පුත්‍රයාය, ඔහු යූදාගේ පුත්‍රයාය,


යූදා පුත්‍රයන්ගෙන්ද බෙන්යමින් පුත්‍රයන්ගෙන්ද සමහරෙක් යෙරුසලමෙහි වාසයකළෝය. යූදා පුත්‍රයන් අතරෙන්, පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ මහලලේල්ගේ පුත්‍රවූ ෂෙපටියාගේ පුත්‍රයා වන අමරියාගේ පුත්‍රවූ සෙකරියාගේ පුත්‍රයා වන උස්සියාගේ පුත්‍රවූ අතායාය.


යූදාගේ පුත්‍රයා වන පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් බානිගේ පුත්‍රවූ ඉම්රිගේ පුත්‍රයා වන ඔම්රිගේ පුත්‍රවූ අම්මිහුද්ගේ පුත්‍රයා වන ඌතයිය.


ඈ බිහිකරන කල එකෙක් අතක් පිට කෙළේය. වින්නඹුව වනාහි: මොහු පළමුකොට නික්ම ආයේය කියා රතු නූලක් ඔහුගේ අතෙහි බැන්දාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්