ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 9:32 - Sinhala Revised Old Version

නුමුත් තිරිඟු සහ තණහාල් නොවැඩී තිබුණු බැවින් ඒවා නාස්ති නොවීය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත් තිරිඟු හා තණහාල් පමා වී පීදෙන බැවින් ඒවා නොවැනසිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත් තිරිඟු හා තණහාල් පමා වී පීදෙන බැවින් ඒවා නොවැනසිණි.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 9:32
8 හුවමාරු යොමු  

ගිබියොන්වරුන් අතට පාවාදුන්නේය, ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්දේ ඔවුන් එල්ලා දැමුවෝය, මෙසේ ඒ සත්දෙනා එකවිටම වැටුණෝය. ඔවුන් මරනු ලැබුවේ යව කපන්ට පටන්ගන්න කාලයේ පළමුවෙනි දවස්වලදීය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: පළඟැටියන් මිසර දේශය පිටට අවුත් දේශයේ සියලු පලා ජාතීන් එනම් ගල් වර්ෂාවෙන් ඉතුරුව තිබෙන සියල්ල කා දමන පිණිස නුඹේ අත මිසර දේශය කෙරෙහි දිගුකරන්නැයි කීසේක.


මෝසෙස් තමාගේ අත අහස දෙසට දිගුකෙළේය; එවිට මිසර දේශය මුළුල්ලෙහි තුන් දවසක් ඝනාන්ධකාරයක් වූයේය;


පොළොව නොපෙනෙන තරම් උන් පොළෝතලය වසාගෙන, ගල් වර්ෂාවෙන් ගැළවී ඉතුරුව තිබෙන කොටසත් කෙතෙහි නුඹලාට වැඩෙන සියලු ගසුත් කන්නෝය.


හණ සහ යවද නාස්තිවුණේය. මක්නිසාද යව කරල් හටගෙන තිබුණේය, හණද පීදී තිබුණේය.


මෝසෙස් ඵාරාවෝ කෙරෙන් නුවරින් පිටතට ගොස් ස්වාමීන්වහන්සේ දෙසට තමාගේ අත් දිගුකෙළේය. එවිට අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාවද නැවතුණේය, වර්ෂාවද පොළෝ මතුපිට නොවැස්සේය.


ඔහු බිම සමතලාකොට, කොල්ලු ඉස, දුරු වපුරා, තිරිඟු පේළි වශයෙන්ද යව ඊට නියම ඉඩමේද තණහාල් එහි මායිමේද හිටවනවා නොවේද?


තවද නුඹ තිරිඟුද යවද මෑද කොල්ලුද කුරක්කන්ද තණහාල්ද රැගෙන එක භාජනයක තබා, එයින් රොටි සාදාගන්න; නුඹේ අංශයට නුඹ හාන්සිවෙන දවස් ගණන වන තුන්සිය අනූ දවසක් ඒවා කන්න.