Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 10:5 - Sinhala Revised Old Version

5 පොළොව නොපෙනෙන තරම් උන් පොළෝතලය වසාගෙන, ගල් වර්ෂාවෙන් ගැළවී ඉතුරුව තිබෙන කොටසත් කෙතෙහි නුඹලාට වැඩෙන සියලු ගසුත් කන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 පොළොව නොපෙනී යන තරමට ම උන් පොළෝ තලය වසාගනු ඇත. ගල් වර්ෂාවෙන් බේරී ඔබට ඉතිරි වූ සෙස්ස ද කෙතෙහි ඔබේ ප්‍රයෝජනය සඳහා වැඩෙන සැම ගහක් ද උන් කා දමනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 පොළොව නොපෙනී යන තරමට ම උන් පොළෝ තලය වසාගනු ඇත. ගල් වර්ෂාවෙන් බේරී ඔබට ඉතිරි වූ සෙස්ස ද කෙතෙහි ඔබේ ප්‍රයෝජනය සඳහා වැඩෙන සැම ගහක් ද උන් කා දමනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 10:5
7 හුවමාරු යොමු  

පළඟැටි පණුවන් ඉතිරි කළ ඒවා පළඟැටියෝ කෑවෝය; පළගැටියන් ඉතිරිකළ ඒවා කෙඳි-පළඟැටියෝ කෑවෝය; කෙඳි-පළඟැටියන් ඉතිරි කළ ඒවා කපන-පළඟැටියෝ කෑවෝය.


නුමුත් තිරිඟු සහ තණහාල් නොවැඩී තිබුණු බැවින් ඒවා නාස්ති නොවීය.


මා විසින් නුඹලා අතරට එවුවාවූ මාගේ මහත් සමුදාව වන පළඟැටියන්ද කෙඳි-පළඟැටියන්ද කපන-පළඟැටියන්ද පළඟැටි පණුවන්ද නාස්තිකළාවූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි.


එසේ හරින්ට අකැමැති වන්නෙහිනම්, බලව, මම හෙට නුඹේ සීමාව ඇතුළට පළඟැටියන් පමුණුවන්නෙමි.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: පළඟැටියන් මිසර දේශය පිටට අවුත් දේශයේ සියලු පලා ජාතීන් එනම් ගල් වර්ෂාවෙන් ඉතුරුව තිබෙන සියල්ල කා දමන පිණිස නුඹේ අත මිසර දේශය කෙරෙහි දිගුකරන්නැයි කීසේක.


මක්නිසාද දේශය අඳුරුවෙන තරම් උන් මුළු පොළෝතලය වසාගෙන දේශයේ සියලු පලා ජාතිද ගල් වර්ෂාවෙන් ඉතිරි වූ ගස්වල සියලු ගෙඩිද කෑවෝය. මිසර දේශය මුළුල්ලෙහි කෙතේ ගසක්වත් පලා ජාතියක්වත් කිසි අමු දෙයක්වත් ඉතිරි නොවීය.


උන්ට පෙරටුවෙන් ගින්නක් නාස්තිකරන්නේය; උන්ට පස්සෙන් ගිනිදැල්ලක් ඇවිළෙන්නේය. උන්ට පෙරටුවෙන් දේශය ඒදන් උයන මෙන් තිබී, උන්ට පස්සෙන් පාළු කාන්තාරයක් වන්නේය; උන්ගෙන් කිසිවක් නොගැළවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්