Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 9:33 - Sinhala Revised Old Version

33 මෝසෙස් ඵාරාවෝ කෙරෙන් නුවරින් පිටතට ගොස් ස්වාමීන්වහන්සේ දෙසට තමාගේ අත් දිගුකෙළේය. එවිට අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාවද නැවතුණේය, වර්ෂාවද පොළෝ මතුපිට නොවැස්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 මෝසෙස්, පාරාවෝ වෙතින් අහක් වී නුවරින් පිටත ගොස් සමිඳාණන් වහන්සේ වෙත අත් එසවී ය. මේඝ ගර්ජනා හා ගල් වර්ෂා නැවතිණි. වැස්ස ද පොළොව මත නොවැටිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 මෝසෙස්, පාරාවෝ වෙතින් අහක් වී නුවරින් පිටත ගොස් සමිඳාණන් වහන්සේ වෙත අත් එසවී ය. මේඝ ගර්ජනා හා ගල් වර්ෂා නැවතිණි. වැස්ස ද පොළොව මත නොවැටිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 9:33
8 හුවමාරු යොමු  

මෝසෙස්ද: මම නුවරින් පිට ගිය කෙණෙහිම ස්වාමීන්වහන්සේ දෙසට මාගේ අත් දිගුකරන්නෙමි; පොළොව ස්වාමීන්වහන්සේගේයයි ඔබ දැනගන්නා පිණිස අකුණු ගර්ජනා නවතින්නේය, ගල් වර්ෂාවද තවත් නොවන්නේය.


එවිට මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ ඉදිරියෙන් පිටතට ගියෝය. මෝසෙස් වනාහි ස්වාමීන්වහන්සේ ඵාරාවෝ පිටට පැමිණෙවු මැඩියන් ගැන උන්වහන්සේට යාච්ඤාකෙළේය.


නුමුත් තිරිඟු සහ තණහාල් නොවැඩී තිබුණු බැවින් ඒවා නාස්ති නොවීය.


ඵාරාවෝ වනාහි වර්ෂාවද ගල් වර්ෂාවද අකුණු ගර්ජනාද නැවතුණු බව දුටු කල ඔහුත් ඔහුගේ සේවකයොත් වඩ වඩා පව්කරමින් තමන්ගේ සිත් දැඩි-කරගත්තෝය.


එවිට සාලමොන් මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියෙහි ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට ස්වර්ගය දෙසට තමාගේ අත් විදහාගන මෙසේ කීවේය:


එවිට ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් කැඳවා: මා වෙතින්ද මාගේ සෙනඟ වෙතින්ද මැඩියන් පහකරන පිණිස ස්වාමීන්වහන්සේට කන්නලව්කරන්න; එවිට ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන පිණිස සෙනඟ යන්ට හරින්නෙමියි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්