එවිට මැඩියන්ගෙන් ගඟ පිරෙනවා ඇත, උන් නුඹේ ගෙටත් නුඹේ යහන් ගබඩාවටත් නුඹේ යහන පිටටත් නුඹේ මෙහෙකරුවන්ගේ ගෙටත් නුඹේ සෙනඟ පිටටත් නුඹේ උදුන්වලටත් නුඹේ පිටි අනන ඔරුවලටත් නැගී එන්නෝය.
එවිට නයිල් ගඟ මැඩියන්ගෙන් පිරී ඉතිරී යන්නේ ය. මැඩියෝ එයින් පිට වී ඔබේ මාලිගාවට ද ඔබේ යහන් ගබඩාවට ද ඔබේ යහනට ද ඔබේ නිලධාරීන්ගේ නිවාසවලට ද ඔබේ සෙනඟ වෙතට ද ඔබේ උදුන්වලට හා පිටි බඳුන්වලට ද පනින්නෝ ය.
නුමුත් රජුගේ දූවූ යෙහෝෂබත් මරනු ලැබූ රාජ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත්‍රවූ යෝවාෂ් හොරෙන් හැරගෙන ගොස්, ඔහුද ඔහුගේ කිරි මවද යහන් තුබූ ගබඩාවෙහි සඟවා තැබුවාය. මෙසේ යෙහෝරාම් රජුගේ දූවූ, යෙහෝයාදා පූජකයාගේ භාර්යාවවූ, අහසියාගේ සහෝදරීවූ යෙහෝෂබත් අතලියා විසින් ඔහු නොමරන ලෙස ඈ කෙරෙන් ඔහු සැඟෙවුවාය.
ඔවුන්ගේ දේශය, තමුන්ගේ රජුන්ගේ ඇතුල් ගෙවල්හි පවා, මැඩියන්ගෙන් පිරී ගියාය.
නුඹේ පියවරුන්වත් නුඹේ පියවරුන්ගේ පියවරුන්වත් පොළොවේ විසූ තැන් පටන් අද දක්වා නුදුටු ලෙස නුඹේ ගෙවල්ද නුඹේ සියලු සේවකයන්ගේ ගෙවල්ද සියලු මිසරවරුන්ගේ ගෙවල්ද උන්ගෙන් පිරෙන්නේයයි ඔහුට කීය. ඔහු හැරී ඵාරාවෝ කෙරෙන් පිටතට ගියේය.
එබැවින් සෙනඟ තමන්ගේ අනාපු පිටි පිපෙන්ට පළමුවෙන් ඒවා අනන ඔරු තමන්ගේ ඇඳුම්වලින් ඔතා කරේ තබාගත්තෝය.
ඵාරාවෝද ශාස්ත්‍රවන්තයන් සහ මන්ත්‍රකාරයන් කැඳවීය. එවිට මිසරයේ මායාකාරයෝවූ ඔව්හුද තමන්ගේ ඇස්බැන්දුම්වලින් එලෙසම කළෝය.
මැඩියෝ ඔබ වෙතින්ද ඔබගේ ගෙවලින්ද ඔබගේ සේවකයන් සහ සෙනඟ වෙතින්ද පහව ගොස් ගංගාවේ පමණක් ඉතුරුවන්නෝයයි කීයේය.
ඉදින් ඔවුන් යන්ට නොහරින්නෙහි නම් සීමා දක්වා නුඹේ මුළු දේශයට මැඩියන් ලවා පහරදෙන්නෙමි.
මැඩියෝ නුඹ සහ නුඹේ සෙනඟ පිටටත් නුඹේ සියලු මෙහෙකරුවන් පිටටත් නගින්නෝයයි කියවයි කීසේක.